gossiplanka alexa සමාජ මාධ්‍ය තුළ දැමූ සටහනක් හේතුවෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් විදුහලක ගුරුවරයෙකුට තර්ජනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සමාජ මාධ්‍ය තුළ දැමූ සටහනක් හේතුවෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් විදුහලක ගුරුවරයෙකුට තර්ජනයක්

ව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් විවෘත කිරීමට සූදානම් කර තිබූ ලුණුගල ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් එම විද්‍යාලයේ ගුරුවරයෙකු සමාජ මාධ්‍ය වෙබ් අඩවියක පළ කර තිබූ සටහනක් හේතුවෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා එම ගුරුවරයාට බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් වාර්තා වනවා. 

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ ලුණුගල ප්‍රාථමික විද්‍යාලයට ලැබුණු මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු නිම කර තිබුණේ මීට වසර දෙකහමාරකට පමණ පෙරයි. 


ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ධානත්වයෙන් පසුගියදා විවෘත කිරීමට සූදානම්ව තිබුණද එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් පාසලේ ගුරුවරයෙකු සාමාජ මාධ්‍ය වෙබ් අඩවියක පළ කර තිබූ සටහනක් හේතුවෙන් විවෘත කිරීම ප්‍රධාන අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. අදාළ ගුරුවරයා පසුගිය මැයි 28 වනදා සමාජ මාධ්‍යය සටහනක් තබමින් සඳහන් කර තිබුණේ බිත්ති ඉරි තැලී ‍ ගොඩනැගිල්ල අබලන් තත්ත්වයට පත්ව ඇති බවත් එයට පැලැස්තර දමා විවෘත කිරීමට සූදානම් වන බවත් ය. ඔහු පෙන්වා දුන් පරිදි ඉරි තැලී ගොස් තිබූ ගොඩනැගිල්ලේ පැලැස්තර දමා තිබූ ආකාරය දැකගත හැකිවුණා. 

කෙසේ වෙතත් විවෘත කිරීමේ උත්සවයට විද්‍යාලය වෙත පැමිණි පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා එම ගුරුවරයාට බැණ වැදී තිබෙනවා. අදාළ් ගුරුවරයා පවසන්නේ එහිදී ප්‍රධාන අමාත්‍යවරයා තමන්ට වහාම ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට නියෝගකර සිටි බවයි.













ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu