gossiplanka alexa "රතන හිමියන් ප්‍රශ්නය සංකීර්ණ කලා, මින් පසුව කිසිවෙකුට මේක හසුරුවන්න දෙන්නේ නැහැ, ඓතිහාසික තීන්දුව ජූලි 7" - ඥානසාර හිමි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"රතන හිමියන් ප්‍රශ්නය සංකීර්ණ කලා, මින් පසුව කිසිවෙකුට මේක හසුරුවන්න දෙන්නේ නැහැ, ඓතිහාසික තීන්දුව ජූලි 7" - ඥානසාර හිමි

ද(04) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසා සිටියේ පූජ්‍ය අතුරලීයේ රතන හිමියන්ගේ උපවාසයෙන් සිදුවුයේ මෙරට සාම්ප්‍රාදායික මුස්ලිම් ජනතාව අන්තවාදයට යොමු විමේ අවධානමක් මතුවීම බවයි. 

සහරාන්ගේ ඇතුලු අන්තවාදය පරාජය කරන්න සිංහල මිනිසුන්ට වඩා උදව් කළේ මුස්ලිම් මිනිසුන් බව ද පැවසු උන්වහන්සේ, අද වන විට මේ වන වැඩවලින් එවැනි සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සුත් අන්තවාදයට තල්ලු විය හැකි බව ද උන් වහන්සේ පවසා සිටියා. 

"ඇමති මංගල සමරවීර මහතා බෝම්බයක් ගසමින් මේ රට සිංහල, බෞද්ධ රටක් නොවන බව පැවසුවා. ඒ තුළින් අවධානය වෙනත් අතකට හැරවුණා. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද කිසිදු සාකච්ඡාවකින් තොරව උපවාසයක් කිරීමට පෙළඹුවා. උන්වහන්සේ ප්‍රහාරයෙන් සතියකින් පමණ පසුව මෙවැනි දෙයක් සිදු කරමින් මුස්ලිම් මන්ත්‍රීවරු ඉවත් වෙන්නැයි පැවසුවේ නම් එය සාධාරණයි. මුස්ලිම් සමාජයම ඔවුන් අතට ගැනීමට ඔවුන්ට අවශ්‍යව තිබූණා. ඒ සියල්ල රතන හිමිගේ උපවාසය නිසා සිදු වුණා. පුද්ගලයින් තිදෙනෙකුට පමණක් ප්‍රහාර එල්ල කිරීම නිසා මහමොළකරුවන්ගේ සම්බන්ධතා ගැන කථා කළේ නැහැ.

මේ වන විට චම්පිකගේ ගේමක්ද? - ගෝඨා ගේන වැඩක්ද? යනුවෙන් ප්‍රශ්න කරනවා. නමුත් ඇත්ත ප්‍රශ්නය යට ගියා.  උන්වහන්සේ උපවාසයට නොගියේ නම් ඊයේ කොතැනක හෝ යම් ගැටූමක් ඇති වුයේ නම් සියලු දේට තමා වගකිව යුතුයි. ජාතික ව්‍යාපාරයේ ගුරුහරුකම් දුන් අයෙක් නිසාරතන හිමියන් බැහැ දැකීමට ගියා.  පුද්ගලයින් 3ක් නිසා දුර්වල වීමට ඉඩ දෙන්න බැහැ. ඒ නිසා මේ දේ කළා. ඊට පස්සෙ වුනේ නොසිතු දෙයක්.  මේ මොහොතේ තිබිය යුත්තේ එක න්‍යාය පත්‍රයක්. 

මේ වෙලාවේ හාමුදුරුවන්ට තියෙන්න ඕනේ ජාතික න්‍යාය පත්‍රයක්. මීට පස්සෙව කිසි කෙනෙකුට මෙය අතට ගැනීමට ඉඩ දෙන්නෙ නැහැ. ප්‍රශ්නය රතන හිමියන් විසින් සංකීර්ණ කලා. රනිල් වික්‍රමසිංහව ගේන්න රතන හිමියන් කැපවී වැඩ කලා. මේ මොහොතේ මුස්ලිම් ඡන්ද රැක ගන්න ආකාරය ගැන ඔවුන් කල්පනා කරනවා" යැයි ඥානසාර හිමියන් වැඩි දුරටත් පවසා සිටියා. 


ප්‍රශ්නය 1 - එක්කෙනෙකුට අයින් වෙන්න කිව්වාහම ඇයි සියලු දෙනා ඉවත් වුණේ? යනුවෙන් මාධ්‍යවේදීන් මෙහෙදී ඥානසාර හිමිගෙන් ප්‍රශ්න කළේය.

එයට පිළිතුරු දෙමින් උන්වහන්සේ කියා සිටියේ, එය සමඟිය බවත්, සිංහල නායකයින්ට නැති සමඟිය ඔවුන්ගෙන් බලා හෝ ඉගෙන ගත යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu