gossiplanka alexa දුම්රිය ස්ථාන පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධ කිරීමෙන් අයහපත් ප්‍රතිපලයක් ඇති වෙයිද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දුම්රිය ස්ථාන පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධ කිරීමෙන් අයහපත් ප්‍රතිපලයක් ඇති වෙයිද?

දුම්රිය ස්ථානවල ආරක්ෂාවට ද තර්ජනයක් එල්ල කරමින් මෙරට දුම්රිය ස්ථාන රැසක් පෞද්ගලික අංශය සමග ඒකාබද්ධ කිරීමේ සැලැස්මක් ඇතැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් ජනක ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරනවා.  දුම්රිය ස්ථාන කිහිපයක් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික අංශයෙන් ඉදිරිපත් වූ යෝජනාවක් අධ්‍යනය කරමින් සිටින බවයි මේ පිළිබඳව කළ විමසීමකදී දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ.

කොළඹ කොටුව, මරදාන, රාගම, ගම්පහ, වේයන්ගොඩ, මහනුවර, කුරුණෑගල, මීගමුව, අනුරාධපුර, නානුඔය සහ ඇල්ල යන දුම්රිය ස්ථාන මෙම යෝජනාවලිය යටතේ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු පැවසුවේ ය. යෝජනාව මගින් එම පෞද්ගලික සමාගම ඉල්ලා ඇත්තේ, අදාළ දුම්රිය ස්ථානවල සිය වෙළෙඳ දැන්වීම් ප්‍රදර්ශනයට ඉඩ සලසා දෙන ලෙසයි.

ඊට සරිලන ගාස්තුවක් ලෙස එම සමාගම විසින් දුම්රිය වේදිකාව, වැසිකිලි පද්ධතිය සහ මගී පහසුකම් සංවර්ධනය කිරීමට යෝජනා කර ඇති බව සාමාන්‍යධිකාරිවරයා ප්‍රකාශ කළේ ය. ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී දුම්රිය දෙපාර්තමේන්තුවට යම් අවාසියක් සිදු වෙනවා ද යන්න මේ වනවිට අධ්‍යනය කරමින් සිටින බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu