න්ධනාගාර අංරංචි මාර්ග අනාවරණය කළේ ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ තීරණය ප්‍රකාශයට පත් කළ පුවත අද (26) පැතිර යාමත් සමඟ වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ සී 3 වැට්ටුවේ රඳවා සිටි මරණ දඬුවම නියම වූ සිරකරුවන් දැඩි තැති ගැන්මකට ලක්වී සිටි බව යි. 

සී 3 සිර වාට්ටුවේ සිටි මරණීය දඬුවම නියම වූ සිරකරුවන් 84 දෙනෙකු පසුගියදා බූස්ස හා වටරැක බන්ධනාගාර වෙත හදිස්සියේ මාරුකර යැවූණා. ඉන්පසු සී 3 වාට්ටුව හදිසි අලුත් වැඩියාවකට ලක්කර තීන්ත පිරියම් කිරීමද , එල්ලුම් ගහ පරීක්ෂා කිරීමද සිදුවෙමින් පැවැතීම පිළිබඳව සිරකරුවෝ කුකුසෙන් පෙලෙන්නට වූණා. මෙම සිරගෙය තුළ කුමක් හෝ සිදුවන බවට සැකහැර දැන සිටි සිරකරුවන්ට අද (26) ලද පුවත අදහගත නොහැකි වුණා.

ඒ සමඟම 200 ක් පමණ මරණ දඬුවම නියම වූ සිරකරුවෝ දැඩි බියකින් පෙලෙන්නටත් , බලාගත් අත බලා සිටින්නටත් පෙළඹුණු බව බන්ධනාගාර ප්‍රකාශකයෙකු සඳහන් කළා. රූපවාහිනි නරඹමින් නිදහසේ ගත කළ මරණ දඬුවම් නියමවූ සිරකරුවන්ගෙන් ඇතැමෙක් සිහි නැතුව ඇද වැටුණු බවද බන්ධනාගාර ප්‍රකාශකයෙකු පැවසුවා.

මේ වන විට සී වාට්ටුවේ සිරමැදිරි 26 ක්ම හිස් කර ඇති බවද එම ප්‍රකාශකයා පැවැසුවා.