gossiplanka alexa "ලංකාවෙ තියන ලොකුම බොරුව බජට් එක" - හිටපු විගණකාධිපති

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"ලංකාවෙ තියන ලොකුම බොරුව බජට් එක" - හිටපු විගණකාධිපති

හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ වර්තමානයේ වැඩිම අකාර්‍යක්ෂමතාවයකින් පවතින ආයතනය මුදල් අමාත්‍යාංශය බවයි.

ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, 

"ලංකාවේ දවසක ආදායම මිලියන 5යි. ඒ මිලියන 5 කළමනාකරණය කර ගන්න බැරුව තමයි මේ ඔක්කොම ප්‍රශන. මේක රටේ මොන ප්‍රශ්නෙ තිබුණත් වෙනස් වෙලා නෑ.  ආදායම මිලියන 5 වෙනකොට වියදම මිලියන 7යි. මේක තමා තියන ගැටළුව. ආදායම මිලියන 6කට 7කට අරන් යන්න මේ පදනම යටතේම හැකියාව තියනවා. දවසකට රට ඇතුළට 1500ක් විතර කන්ටේනර් එනවා. හැබැයි කස්ටම් එකෙන් පරීක්ෂා කරන්නෙ කන්ටේනර් 100යි. දේශිය ආදායම් තත්ත්වෙත් මෙහෙමයි. බදු කිසිවක් වැඩි නොකර ආදයම් ඉහළ දැමීමේ අවස්ථාව තියනවා. 

ඒ වගේම මේ වියදම වන මිලියන 7, මිලියන 5කට වගේ අඩු කරන්න පුළුවන්කම තියනවා. 25%ක් උඩින්ම ඉතුරු කරන්න පුළුවන්. බජට් එක ගත්තොත් ලංකාවෙ තියන ලොකුම බොරුව කියලා කියන්න පුළුවන්. මේවා කිව්වා කියලා මට විශ්වාසභංගෙකුත් ගේන්න යෝජනා කලා. දැනට ප්‍රකාශිත ණය වලට වඩා අපි අරන් තියන ණය වැඩියි. ණය ගොඩක් අරන් තියෙන්නෙ සංවර්ධන කටයුතු වලට කියලා. උදාහරණයක් විදියට රාජගිරියෙ පාලම. පාලම හදලා වෙනසකට තියෙන්නෙ ඉස්සර අපි බිමින් ගියා. දැන් උඩින් යනවා. වාසියකට තියෙන්නෙ ගහ කොළ බලන් උඩින් යන්න පුළුවන් එක. වර්තමානයේ අකාර්‍යක්ෂමම රාජ්‍ය ආයතනය මොකක්ද ඇහුවොත් මං කියන්නෙ මුදල් අමාත්‍යාංශය කියලා. ඒකට හේතුව තමයි අනවශ්‍ය බලාපොරොත්තු මත අඥාන දේශපාලන තීරණ." යනුවෙන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu