gossiplanka alexa මුස්ලිම් ඇමතිවරුන්ගෙන් පුරප්පාඩු වූ ධූරවලට නව පත් කිරීම් සිදු කිරීමට යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුස්ලිම් ඇමතිවරුන්ගෙන් පුරප්පාඩු වූ ධූරවලට නව පත් කිරීම් සිදු කිරීමට යයි

නාධිපතිවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී ඊයේ රාත්‍රියේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් සිදුව තිබෙනවා. ඒ ආණ්ඩුව නියෝජනය කළ සියලූ මුස්ලිම් මැති ඇමතිවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වීමත් සමඟම මෙම හමුව සිදුව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.  මෙම සාකච්ඡාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර සහ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ද සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.

මුස්ලිම් මැති ඇමතිවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වීම සහ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා වී තිබෙනවා. මේ අතර, මුස්ලිම් ඇමතිවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩුව පවතින අමාත්‍ය ධූර සඳහා පත් කිරීම් සිදු කිරීම ද ජනපති සහ අගමැති අතර සාකච්ජා කොට තීන්දුවක් ගැනීමට නියමිත බවටයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu