Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube


ඩුබායි පොලිස් අත්අඩංගුවට ගන්නා ලද මාකඳුරේ මධූෂ් ඇතුලු පිරිසේ සිටි අය අතරින් රංගන ශිල්පී රයන් වැන්රෝයන් මෙරටට පිටුවහල් කර තිබෙනවා. පිටුවහල් කෙරුණු අය අතර තවත්  හතර දෙනෙකු ඇතුලත්ය. ඔවුන් අද (04) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණිමෙන් පසු අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


පිටුවහල් කෙරුණු අය අතර යන් වෑන්රෝයන්, කොඩිකාර ආරච්චිගේ චරිත පත්මන්, වලිපිටියගේ සුරාජ් කාවින්ද්‍ය සිල්වා, පතමෙස්ත්‍රිගේ දිමුතු සුරන්ත පෙරේරා සහ මොහොමඩ් කුතුබ්ඩීන් මොහොමඩ් වසීම්ඩීන් යන පිරිස සිටින බව වාර්තා වෙනවා
.
මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ ආගමන - විගමන දෙපාර්තමේන්තු කුටි වෙත පැමිණ සිටියදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික බුද්ධි තොරතුරු අංශයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන කටයුතු සහ ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සදහා ඔවුන් කාර්යාලයට රැගෙන ගොස් අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තු නිලධාරීන්ට බාර දී තිබේ.

තවත් පුවත්

Gossip Lanka Side News

Like Us on Facebook