gossiplanka alexa තරුණයෙකුට මරු කැඳවමින් අංගොඩදී සිදු වූ වෙඩි තැබීම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තරුණයෙකුට මරු කැඳවමින් අංගොඩදී සිදු වූ වෙඩි තැබීම

යේ (07 දා) රාත්‍රී 7.30ට පමණ යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් 22 හැවිරිදි තරුණයෙක් මිය ගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කරන්නේ වෙඩි තැබීමට ලක්ව මියගිය අදාල තරුණයා මුල්ලේරියාව පොලිස් වසමට අයත් අංගොඩ මංසන්ධිය අසලදී මාර්ගයේ රැඳී සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
මියගිය තරුණයාගේ මළ සිරුර මේ වන විට කොළඹ ජාතික රෝහලේ තබා තිබෙන අතර මෙම තරුණය මීට පෙර ගැටුම් කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටි අයෙකු බව පොලීසිය පවසයි.

මෙම වෙඩි තැබීම සඳහා තුවක්කුකරුවන් පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය හා  ආරක්ෂිත හිස් වැසුම් දෙකක් ද සමඟ වැල්ලම්පිටිය කොහිලවත්ත ප්‍රදේශයේ කැලණි ගඟේ තිබියදී හමුවී තිබෙන අතර ඉදිරි විමර්ශන සඳහා මෙම සැකකරුවන් වෙඩි තැබීමට පැමිණි මාර්ග ආශ්‍රිතව තිබෙන ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කරගනු ලැබේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් අංගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu