රාගම මංසන්ධියේ යතුරු පැදියක් පදවා ගෙන ආ කාන්තාවක් පොලිස් නිළධාරීන්ට සිය රාජකාරිය ඉටු කිරීමට නොදී බැන වදින අවස්ථාවක වීඩියෝවක් මේ වන විට සමාජජාලා මාධ්‍යයන්හි හුවමාරු වෙමින් පවතී. මේ සිදුවීම පිළිබඳව සොයා බැලු අපිට
දැනගැනීමට හැකි වූයේ යතුරු පැදිය පදවාගෙන ආ කාන්තාවට රියදුරු බලපත්‍ර නොමැති බවත්, ඒ සඳහා රථ වාහන පොලිස් නිළධාරීන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේදී පසුව ඇය විසින් පොලිස් නිළධාරීන්ට බාධා කර ඇති බවයි.

කෙසේ වෙතත් මේ වන විට අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සිදු කරන බව රාගම පොලිස් ස්ථානයේ ප්‍රකාශකයෙක් අපට පවසා සිටියා.

මෙම සිදුවීම වන අවස්ථාවේ ජංගම දුරකතනයකින් පටිගත කළ දර්ශන පහතින්