Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News


2015 ජනවාරි 08 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණයේදී ප්‍රතිඵල පැමිණීමටත් පෙර තමා තනතුර අතහැර අරලියගහ මන්දිරයෙන් ඉවත් වී ගියද, ඇතැම් නායකයන් එලෙස ඉවත් වී යෑමට අකමැති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා
කොලඹ, කොටුව ලෝටස් පාරේ පිහිටි මුදල් අමාත්‍යංශයේදී නව මුදල් හා ආර්ථික කටයුතු අමාතවරයා ලෙස  සිය අමාත්‍ය ධුරයේ වැඩ භාරගැනීමේ අවස්ථාවෙන් අනතුරුව පැවසුවේය.

අගමැති මහින්ද මහතා මෙහිදී සඳහන් කර සිටියේ එදින උදැසන සිනහ සෙමින් ප්‍රතිඵල නිකුත්වීමටත් පෙර තමා ජනතාවට අතවනාගෙන අරලියගහ මන්දිරයෙන් නික්මුණද වර්තමානයේ ඇතැම් නායකයන් අඬා වැළපෙමින් අරලියගහ මන්දිරය තුළට වී සිටින බවත්ය. වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ තාමා ඉවත්ව යන විට රටට කුමක් සිදිවේදැයි ජනතාව කණගාටුවෙන් බලා සිටි නමුත් අද අරලියගහ මන්දිරය තුළට සිටින නායකයන්ට ජනතාව පිටත සිට සිනහසෙන අයුරු නොදන්නා බවයි. ජනතාව අතරට එබඳු නායකයන්ට සිනහසී  අතවනාගෙන යෑමට නොහැකි බවද ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවා.

තවත් පුවත්

Gossip Lanka Side News