මේ වනවිට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවෙනි එක්දින තරඟය පැවැත්වෙමින් තිබෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ප්‍රථමයෙන් පන්දු යැවීමට තෝරා ගත්තේය.

ඒ අනුව සිය හත්වන පන්දුවාරය යැවූ ලසිත් මාලිංග මොයින් අලීගේ කඩුල්ල ලබා ගනිමින් අන්තර්ජාතික කඩුලු 500 සීමාවට පැමිණීමට සමත් වුනේය. ලසිත් මාලිංග යැවූ වේගය කඩාල කළ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් මොයින් අලී මෙලෙස දැවී ගියේය. ලකුණු 92ක් ලබා ගත් එංගලන්ත කණ්ඩායමේ නායක ඉයන් මෝගන්ගේ විකට්ටුවද ලබා ගත්තේ ලසිත් මාලිංගයි.

අද තරගයේද ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල පන්දු රැකීම කැපී පෙනෙන සාධකයක් වූ අතර ශ්‍රී ලංකාව පහසු උඩ පන්දු කිහිපයක් අතහැරීම එංගලන්ත කණ්ඩායමට වාසිදායක තත්වයක් ඇති කිරීමට බලපෑ බව විචාරකයින් පෙන්වා දෙනවා. ඒ කෙසේ වෙතත් කඩුලු 500 සීමාවට පැමිණී ලසිත් මාලිංගට ගොසිප් ලංකා වන අපෙන් ද උණුසුම් සුභ පැතුම්.