gossiplanka alexa හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවුදෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල දුන් නඩු තීන්දුව තහවුරු කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එම දඬුවම් එලෙසම ක්‍රියාත්මක කිරීමට නියම කර ඇති අතර දුමින්ද සිල්වාගේ ආරක්‍ෂක නිලධාරී අනුර තුෂාර ද මෙල් නැමැත්තාට දුන් තීන්දුව පමණක් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල සියලු චෝදනා වලින්  නිදොස් කොට නිදහස් කර තිබේ. ඒකමතික තීන්දුවක් වශයෙන් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

මෙලෙස දඬුවම් නියම වූයේ දුමින්ද සිල්වා මහතා ඇතුළු චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද සහ සරත් බණ්ඩාර නමැති අයටය. සෙසු විත්තිකරුවන් බන්ධනාගාර බස් රථයකින් අධිකරණයට කැඳවාගෙන විත් තිබුණු අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාව රැගෙනවිත් තිබුණේ සම්පූර්ණයෙන්ම ආවරණය කරන ලද ගිලන් රථයකිනි.

එසේම විනිසුරු මඬුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කරමින් දුන් නඩු තීන්දුව තහවුරු කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල එම දඬුවම් එලෙසම ක්‍රියාත්මක කිරීමට නියම කළ අතර ටී 56 වර්ගයේ ගිනි අවියක් ළඟ තබාගත් බවට විත්තිකරුවන්ට එරෙහි තිබූ සියලුම චෝදනාවලින් ඔවුන් නිදහස් කලේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu