gossiplanka alexa බීමත්ව සිටි විදේශීය යුවළක් නැවතී සිටි තංගල්ලේ හෝටලය මිලදී ගෙන

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බීමත්ව සිටි විදේශීය යුවළක් නැවතී සිටි තංගල්ලේ හෝටලය මිලදී ගෙන

සුගියදා බ්‍රිතාන්‍ය යුවළක් ඔවුන්ගේ මධුසමය ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔවුන් නැවතී සිටි හෝටලය එම යුවළ විසින් මිලදී ගත් අපූරු පුවතක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

Gina Lyons සහ Mark Lee යන මෙම බ්‍රිතාන්‍ය යුවළ සිය මධුසමය ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය 2017 වර්ෂයේ දෙසැම්බර් මාසයේදීය. ඔවුන් මෙලෙස නවාතැන් ගෙන ඇත්තේ තංගල්ල ප්‍රදේශයේ පිහිටි වෙරළබඩ හෝටලයකය. එහිදී එක්තරා දිනයක මෙම යුවළ අධික ලෙස බීමතින් සිටි මොහොතක අදාළ හෝටලයේ සේවකයෙකු සමඟ කතාබහ කර තිබෙනවා. එම අවස්තාවේදී හෝටලයේ බදුකාලය මේ වන විට අවසන්ව ඇති බව හෝටල් සේවකයා විසින් පවසා තිබෙන අතර එහිදී අධික ලෙස බීමතින් සිටි මෙම යුවළ එම හෝටලය බදු පදනම මත මිල දී ගැනීමට තීරණය කර ඇත.

පසුව වසර තුනක කාලයක් සඳහා බ්‍රිතාන්‍ය පවුම් 30,000 ක මුදලකට ඔවුන් හෝටලය මිලදී ගෙන තිබෙනවා. පසුගිය ජූලි 01 දින පවුම් 15,000 ක් ගෙවා සියලු නීතිමය කටයුතු අවසන් කර තිබෙන අතර ඉතිරි පවුම් 15,000 ක මුදල 2019 මාර්තු මස ලබා දීමට එකඟවී තිබෙනවා. එහිදී නීති ගාස්තු වශයෙන් පවුම් 7,000 ක මුදලක්ද හෝටලයේ නවීකරණ කටයුතු සඳහා පවුම් 6000 ක මුදලකුත් වැයකරන්නට සිදුවූ බවද ඔවුන් පවසනවා.

'Lucky Beach Tangalle' යන නව නාමකරණය ඔස්සේ ඔවුන් හෝටලය පවත්වාගෙන යාමට මේ වන විට කටයුතු කර තිබෙන අතර බීමතින් සිටි අවස්ථාවේ තමන් ගත් තීරණය පිළිබඳව මෙලෙස විදෙස් මාධ්‍යයන්ට ඔවුන් ප්‍රකාශ කර තිබුණා.

“අපි හොඳටම බීලා හිටියේ ඒ වෙලාවේ, ඔහු අපිට කිව්වා හෝටලයේ බදු කාලය අවසන් බව. පස්සේ බලද්දී අවුරුද්දකට හෝටලයේ බදු මුදල වෙන්නේ පවුම් 10,000 ක්. ක්ෂණයකින් අපි තීරණය කළා අවුරුදු තුනකට මේ බදු ගන්න. හොඳටම බීලා හිටියත් එය අපි ගත්තු ඉතා ආකර්ෂණීය තීරණයක්“





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu