gossiplanka alexa සතියෙන් සතිය ලක්ෂයට පහලොස්දහසක් පොලී දුන් තරුණිය අතුරුදහන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සතියෙන් සතිය ලක්ෂයට පහලොස්දහසක් පොලී දුන් තරුණිය අතුරුදහන්

කෝටි 03 කට ආසන්න මුදල් වංචාවක් සිදුකර ප්‍රදේශයෙන් පලා ගිය කාන්තාවක් පිළිබඳව පුවතක් පොළොන්නරුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙසේ පළාගොස් ඇත්තේ පොළොන්නරුව සේවාගම මැදපාරේ පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ ශ්‍යාමලී දිසානායක නම් 29 හැවිරිදි තරුණියකි.
මෙම වංචනික කාන්තාව සොයා ගැනීමට එම මූල්‍ය වංචාවට හසුවූ පුද්ගලයින් සහය ඉල්ලා සිටිනවා.

මෙම කාන්තාව වසර එකහමාරක පමණ කාලයක සිට ප්‍රදේශයේ ජනතාව සමඟ ඉතා හිතවත්ව ගණුදෙනු සිදුකර තිබෙනවා. ප්‍රදේශයේ බොහෝ දෙනාගේ හදිසි මුදල් අවශ්‍යාතවයන් වලදී ඇය මුදල් ලබා දී තිබෙන අතර මෙලෙස ප්‍රදේශවාසීන්ගේ විශ්වාසය දිනාගනිමින් කටයුතු කළ ඇය රුපියල් ලක්ෂයක මුදලකට සතියට රුපියල් පහලොස්දහස බැගින් ලබා දී  තිබෙනවා.

එහිදී බොහෝ දෙනෙකු ඇය ළඟ මුදල් තැන්පත් කිරීමට පෙළඹී තිබෙන අතර ඇතැම් පුද්ගලයින් ඇයගෙන් ලැබෙන අධික පොලී මුදල ලබා ගැනීමේ අරමුණින් තම නිවෙස් වල සිටි ගවයන් පවා විකුණා ඇය ළඟ මුදල් තැන්පත් කර තිබෙනවා.

ඇය මෙලෙස රැස් කල කෝටි 03 කට ආසන්න මුදල් වංචාව සිදු කර පසුගිය 17 වනදා සිට ප්‍රදේශයෙන් අතුරුදහන් වී තිබෙනවා. ඇය පිලිබද තොරතුරක් දන්නේනම් ඒ පිළිබඳව පොලොන්නරුව පොලිසිය වෙත දැනුම් දෙන ලෙස මෙම මූල්‍ය වංචාවට හසුවූ පුද්ගලයින් සැමගෙන් ඉල්ලා සිටිනවා.

පොළොන්නරුව පොලිස් ස්ථානය  - 027 - 2222222

ඇයගේ ඡායාරූප පහතින්..





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu