gossiplanka alexa අයහපත් කාලගුණය නිසා සිදු වූ මරණ ගණන ඉහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අයහපත් කාලගුණය නිසා සිදු වූ මරණ ගණන ඉහළට

පදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ දිවයිනේ  ප‍්‍රදේශ රැසකට පසුගිය දින දෙක තුළ  බලපෑ වැසි සහ සුළං තත්වය හා බලපෑ ගංවතුර තත්වය නිසා හය දෙනෙකු මියගොස් කාන්තාවක අතුරුදන්ව 17,372 දෙනෙකු පමණ පීඩාවට පත්ව සිටින බවත් මෙමගින් කළුතර, ගාල්ල සහ කොළඹ දිස්ත‍්‍රික්කවල පවුල් 4,603කට පමණ අයත් පිරිස් පීඩාවට පත්ව සිටින බවත්ය.

කළුතර දිස්ත‍්‍රික්කයේ කළුතර, බණ්ඩාරගම, මතුගම, පාලින්දනුවර, දොඩන්ගොඩ, හොරණ, අගලවත්ත, මිල්ලනිය, බුලත්සිංහල, වලල්ලාවිට, ඉංගිරිය, මදුරවෙල, බේරුවල සහ පානදුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පවුල් 1,385කට අයත් 5,227 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර ගාල්ල දිස්ත‍්‍රික්කයේ අක්මීමන, නියාගම, යක්කලමුල්ල, බද්දේගම, තවලම, හබරාදූව, නාගොඩ, කඩවත්සතර, ඉමදූව, ඇල්පිටිය, වැලිවිට දිවිතුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පවුල් 2,292කට අයත් පුද්ගලයින් 8,445 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වෙන්වා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයේ මොරටුව ප‍්‍රදේශයේද පවුල් 926කට අයත් 3,700ක් පමණ ගං වතුරින් පීඩාවට පත්ව සිටින බවයි. එක් කාන්තාවත් තවමත් අරුදන්ව සිටින බවත් වලල්ලාවිටලේදොල, ඔලගොඩ ප‍්‍රදේශයේ කාන්තාවන් තිදෙනෙකු හා අගලවත්ත රත්මලේ ප‍්‍රදේශයේ එක් පුද්ගලයෙකුද ගංවතුරට හසුවී අතුරුදහන් වූ අතර පසුව ඔවුන්ගෙන් තිදෙනෙකුගේ සිරුරු හමු වී තිබෙනවා.

තවද 42 හැවිරිදි පුද්ගලයෙකු මතුගම ඇල්ල පාර, වෑත්තෑව මතුගම ඇල මාර්ගය හරහා ඇති තාවකාලික පාලම අසලදී සැඩපහරට හසුවීමෙන් මිය ගොස් තිබෙන අතර මොරටුව ප‍්‍රදේශයේ දීද වලිප්පුව වැළදුණු  රෝගීයෙකු වතුරට වැටීමෙන් මියගොස් තිබෙන බවද වාර්තා වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu