gossiplanka alexa මධූෂ්ගේ ප්‍රධාන වෙඩික්කරු කොටුවෙයි, ඉදිරියේදී සැළසුම් කළ ඝාතන රැසකුත් හෙළිවෙයි..!

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මධූෂ්ගේ ප්‍රධාන වෙඩික්කරු කොටුවෙයි, ඉදිරියේදී සැළසුම් කළ ඝාතන රැසකුත් හෙළිවෙයි..!


 දුරකථන සම්බන්ධතා ඔස්සේ මෙරට මත්ද්‍රව්‍ය හා මනුෂ්‍ය ඝාතන සිදුකරන ඩුබායිහි සැඟව සිටින කල්ලි නායක මාකඳුරේ මදුෂ්ගේ ප්‍රධාන වෙඩික්කරුවකු බව කියන කලුවන් මධුෂාන් ආබෘ නැමැති හෙරෝයින් ජාවාරම්කරුවා අපරාධ බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර හෙරෝයින් මිලිග්‍රෑම් 1060 ක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ ගැනුම්කරුවෙකු වෙත ලබා දීමට සුදානම් වන අවස්ථාවේදී
පොලිස් අපරාධ බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ඔහු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වනවා.

ඔහු  2018.07.08 ජම්පටා වීදියේදී ගීතා හා රාජා යන අඹු සැමි යුවල වෙඩි තබා ඝාතනය කළ බවත්, 2018.08.03 දින මෝදර තැපැල් කාර්යාලය අසලදී කුඩුකන්නා නැමැති හෙරෝයින් ජාවාරම්කරුගේ පියාට වෙඩිතබා ඝාතනය කළ බවටත් සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇති අතර සී.සී.ටී.වී දර්ශන ඔස්සේද ඒ බව
වැඩිදුරටත් තහවුුරු කරගෙන ඇති බව සඳහන්.

පසුගිය කාලයේ සිදු කළ ඝාතන ඩුබායි සිට ලැබෙන දුරකථන ඇමතුම් අනුව සිදු කළ බවත් එසේම මෙම පුද්ගලයා විසින් සිදු කරන එක් මනුෂ්‍ය ඝාතනයක් සඳහා මධූෂ්ගෙන් රුපියල් ලක්ෂ 05 ක මුදලක් ලබා ගන්නා බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ මදුෂ් සැලසුම් කර ඉදිරියේදී සිදු කිරීමට තිබූ ඝාතන කිහිපයක තොරතුරු
රැසක්ද හෙළිකර ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu