gossiplanka alexa පොලීසියත් පුදුම කරවපු පිටකොටුවේ නාට්ටාමීගේ ගෙදර තිබු සේප්පුව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොලීසියත් පුදුම කරවපු පිටකොටුවේ නාට්ටාමීගේ ගෙදර තිබු සේප්පුව


නාට්‌ටාමිවරයකු ලෙස පෙනී සිටිමින් කොළඹ පිටකොටුවේ මත්කුඩු වෙළදාමේ යෙදුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට අත්අඩංගුවට ගත් පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය මවිත වූ සිදුවීමක් වාර්තා වෙනවා. මෙම නට්ටාමිවරයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන්නේ ඔහු ලග තිබි ග්‍රෑම් 100 ක්‌ පමණ වූ හෙරොයින් සොයා ගැනීමට පොලීසිය සමත් වීමත් සමගයි. පසුව පොලිසිය විසින් මෙම සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම අරඹා තිබේ, එහිදි පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය ඔහුගෙ නිවස පරීක්ෂා කර තිබෙනවා.

එම පරීක්ෂා කිරීම් වලින් හොරණ මොරගහහේන ප්‍රදේශයේ මෙම සැකකරුගේ නිවසේ සේප්පුවක තිබී රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක්‌ සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සම්පූර්ණ මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 2.268 ක්‌ බවත් එහි වටිනාකම රුපියල් දෙකෝටි හතළිස්‌පන් ලක්‌ෂයක්‌ (රුපියල් කෝටි 2.45) පමණ බවත් පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය සඳහන් කරයි.

සුනිල් ශාන්ත වීරක්‌කොඩි නමැති මෙම සැකකරු මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී සිටින බවත් ඔහුට එරෙහිව උසාවි වරෙන්තු 07 ක්‌ ඇති බවත් පොලිසිය සඳහන් කරයි. සැකකරු  ඊයේ (11දා) හොරණ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර මෙම මස 25 වැනිදා තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙසට හොරණ මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu