gossiplanka alexa දියේ ගිලී අවසන් ගමන් ගිය ටෙලි නිළි තුෂානිගේ නිසල දේහය නිවසට රැගෙන එයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දියේ ගිලී අවසන් ගමන් ගිය ටෙලි නිළි තුෂානිගේ නිසල දේහය නිවසට රැගෙන එයි



දියේ ගිලී අවසන් ගමන් ගිය 
ටෙලි නිළි තුෂානිගේ නිසල
දේහය නිවසට රැගෙන එයි

කැලණි ගඟේ දිය නෑමට ගොස් ජීවිතක්ෂයට පත්වූ ටෙලි නාට්‍ය නිළියක වන තුෂානි ද සිල්වාගේ අවසන් කටයුතු අද (20දා) සිදු කිරීමට නියිමිතව තිබෙන අතර ඇගේ දේහය මහනුවර අම්පිටියේ පිහිටි ඇගේ නිවසේ තැන්පත්කොට ඇත. මියයන විට ඇය 31 හැවිරිදි වියේ පසු  වූ එක් දරු මවකි. පවු‍ලේ සාමාජිකයන් සමග කිතුල්ගල ප්‍රදේශයේ සංචාරයකට පැමිණි තුෂානි ගිනිගත්හේන කළුගල යටිබේරිය ප්‍රදේශයේදී ගඟේ පසුගිය  (17) පස්වරු 1.30 පමණ දිය නාමින් සිටියදී සැඩ පහරකට හසු වී ගඟේ ගසාගෙන ගොස් තිබිණි.

දිය නෑමට කැලණි ගඟට බැස ඇති මෙම කාන්තාව කැලණි ගඟේ මැදට ගිය බවත්, ගඟ මැදට නොයන ලෙස පවු‍ලේ සාමාජිකයන් ඇයට කෑ ගසා කී බවත් ඇගේ ඥාතියකු පැවසීය. මෙම විනෝද චාරිකාව සඳහා මියගිය කාන්තාවගේ මව සහ පියාද එක්වී ඇති අතර එම විනෝද චාරිකාව සම්බන්ධයෙන් මව සහ පියා අතර මතභේදයක්ද හටගෙන තිබූ බවද ගිනිගත්හේන ‍පොලීසිය පැවසීය.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu