gossiplanka alexa ලෝකයේ ලොකුම භාණ්ඩ ප්‍රවාහනය ගුවන් යානය මත්තලට ඇවිත් දුන්නු ආදායම මෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලෝකයේ ලොකුම භාණ්ඩ ප්‍රවාහනය ගුවන් යානය මත්තලට ඇවිත් දුන්නු ආදායම මෙන්න


ලෝකයේ ලොකුම භාණ්ඩ ප්‍රවාහනය ගුවන් යානය මත්තලට ඇවිත් දුන්නු ආදායම මෙන්න 

ත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දින දෙකක් නවතා තිබූ ලොව විශාලතම ගුවන් යානය වන අන්තනොෆ් ඒඑන් 225 - මිර්යා ගුවන් යානය ඊයේ (20දා) අලුයම 4.45 ට පමණ මත්තල ගුවන් තොටුපලින් නික්ම ගියා. 1980 වසරේදී සෝවියට් සංගමයේ කාර්යාංශය විසින් නිර්මාණය කර ඇති මෙම ගුවන් යානය ලෝකයේ තිබෙන ලොකුම භාණ්ඩ ප්‍රවාහනය කරන ගුවන් යානයයි.

මෙම යානය පසුගිය 18 වෙනිදා මැලේසියාවේ සිට ශ්‍රී ලංකාවට සේන්දු වුයේ පකිස්තානයේ කරච්චි නුවර බලා යන අතරේදී යානයට අවශ්‍ය ඉන්ධන පුරවා ගැනීම හා 24 දෙනෙකුගෙන් සමන්විත එහි කාර්ය මණ්ඩලයට විවේකයක් ලබාගැනීම සඳහා එය ශ්‍රී ලංකාවේ ගොඩ බෑමට හේතුව වූ බවයි මත්තල ගුවන් තොටුපොළ බලධාරීන් පැවසුවේ. එන්ජින් 6 කින් යුතු මෙම යානයේ පියාපත් විහිදුම මීටර 88.4 ක් වනවා


දින දෙකක් සඳහා යානය නවතා තැබීම හේතුවෙන් රුපියල් මිලියන 15 ට වැඩි අදායමක් ලැබී ඇති බව මත්තල ගුවන් තොටුපොළ කළමනාකාර උපුල් කලංසූරිය පවසා තිබෙනවා. මෙම ගුවන් යානය හැසිරවීම සඳහා හොඳින් ඉඩකට අවශ්‍ය බවත්, කාර්ය බහුල නොවූ මත්තල ගුවන් තොටුපොළ ඒ සඳහා වැදගත් වූ බවයි රුසියාවට අයත් එම ගුවන් යානයේ ප්‍රධාන නියමු අන්තනොෆ් දිමිත්‍රෝ පවසා ඇත්තේ.







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu