gossiplanka alexa මෙවර හිතූමනාපෙට දන්සල් දෙන්න බෑ. දන්සැල් දෙනවනම් පිළිපැදිය යුතු නීති මෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෙවර හිතූමනාපෙට දන්සල් දෙන්න බෑ. දන්සැල් දෙනවනම් පිළිපැදිය යුතු නීති මෙන්න



මෙවර හිතූමනාපෙට දන්සල් 
දෙන්න බෑ. දන්සැල් දෙනවනම් 
පිළිපැදිය යුතු නීති මෙන්න

ළඹෙන වෙසක් සමය වෙනුවෙන් දන්සැල් පැවැත්වීම සදහා බුද්ධසාසන අමාත්‍යංශය විසින් නිර්ණායක 6ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ඇතැම් පුද්ගලයින් දන්සැල් පැවැත්වීමේ මුවාවෙන් වංචනිකව මුදල් එක්රැස් කරන බවටද තොරතුරු වාර්තා වී ඇති නිසා මෙම පියවර ගත් බවයි බුද්ධසාසන අමාත්‍යංශය පැවසුවේ. මේ ඒ පිළිබදව කරුණු දක්වන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර සඳහන් කර සිටියේ පහත සඳහන් නිර්ණායක 06 පිළිබඳව සියලු දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරු වෙත දැනුම් දී තිබෙන බවයි.

එම නිර්ණායක පහතින්,

01. දන්සල් පැවැත්වීමේ දී අදාළ ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා හා අදාළ ග්‍රාම නිලධාරී ගේ දැනුවත් වීම මත සිදුවීම.

02. දන්සල්වලට ආධාර එකතුකිරීම සඳහා අදාළ ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමින් වහන්සේගේ සහ අදාළ ග්‍රාම නිලධාරීගේ නිර්දේශය ලබා ගැනීම සිදුකළ යුතු අතර දන්සල පැවැත්වීමේ දී මහජනතාව පීඩාවට පත් නොවන ලෙස සිදු කිරීම හා ඝෝෂාකාරී සංගීතය යොදා නොගැනීම.

03. සෞඛ්‍යාරක්ෂිත ලෙස ආහාරපාන පිළියෙළ කිරීමට කටයුතු කිරීම.

04. දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේ දී බෞද්ධ කොඩිය භාවිත නොකොට ඒ වෙනුවට කහ පැහැති කොඩියක් භාවිත කිරීම.

05. මත්වතුර, මත්ද්‍රව්‍ය, දුම්වැටි භාවිතයෙන් වැළකී කටයුතු කිරීම.

06. සැදැහැ සිතින් හා ආචාරශීලිව කටයුතු කිරීම.

ජනතාවට හිංසාකාරී නොවන අයුරින් දන්සැල් සංවිධානය කළයුතු බවයි මෙහිදී වැඩිදුරටත් සදහන් කෙරුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu