gossiplanka alexa ජනපතිවරුන්ගේ සුපිරි ආරක්ෂක රථ සමගින් කේ.පී ගේ කොටි නෞකාවක් මහ සයුර මැද ගිල්වා දමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනපතිවරුන්ගේ සුපිරි ආරක්ෂක රථ සමගින් කේ.පී ගේ කොටි නෞකාවක් මහ සයුර මැද ගිල්වා දමයි


ජනපතිවරුන්ගේ සුපිරි 
ආරක්ෂක රථ සමගින් කේ.පී 
ගේ කොටි නෞකාවක් 
මහ සයුර මැද ගිල්වා දමයි

එල්ටිටිඊ සංවිධානය විසින් භාවිතා කරන ලද වෙලින් හෙවත් ඒ 522 නෞකාව  යුධ සමයෙන් පසු නාවික හමුදාව අත්පත් කර ගැනීමට කටයුතු කළ අතර, එම නෞකාව මේ වන තෙක් නාවික හමුදාව භාරය ආරක්‍ෂිතව කොළඹ වරායේ නැංගුරම්ලා තිබුණි. නෞකාව භාවිතා කිරීමට නොහැකි තත්වයේ පැවති හෙයින් එය නිසි ක්‍රමවේදයන්ට අනුව මුහුදේ ගිල්වා දැමිමට රජය තිරණය කළ අතර, ඒ අනුව ඊයේ (මාර්තු 26) බටහිර මුහුදු තීරයේදී ඒ 522 නෞකා‍ව ගිල්වා දැමිමට නාවික හමුදාව කටයුතු කරන ලදී

තවද, ගිල්වන ලද නෞකාව තුල විශාල වශයෙන් කොරල්පර බිහිවිම සහ ජලජ ජිවින් ගැවසිම හේතුවෙන් දේශිය සහ විදේශිය සංචාරකයින් හට කිමිදුම් කටයුතු සිදු කිරීමට හැකි වනු ඇති අතර, එය අප රටේ සංචාරක ව්‍යාපරයට මහත් රැකුලක් වනු ඇතැයි නාවික හමුදාව පවසයි. මේ අතර ශ්‍රී ලංකාවේ පැවැති යුධ සමයේදී මෙරට ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආනයනය කර ඇති වෙඩි නොවදින සුපිරි මෝටර් රථ හා ජීප් රථ  ගැඹුරු මුහුදේ ගිල්වා දැමීමද මෙහිදී  සිදු වූ අතර යුධ සමයේ හිටපු ජනාධිපතිවරුන් වන ජේ ආර් ජයවර්ධන, ආර් පේ‍්‍රමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හා මහින්ද රාජපක්ෂ යන මහත්ම මහත්මීන් මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් මහතා භාවිතා කළ වාහන කළ වාහන 25 ක් භාවිතයෙන් ඉවත් කර ගිල්වා දැමීමට සුදානම් කර ඇති අතර විනාශ කර ඇත්තේ ඉන් 8 ක් පමණි.

ගිල්වා දැමීමට පෙර මෙම රථවල සවිකර තිබූ සන්නිවේදන උපාංග සහ වෙනත් වටිනා උපකරණ ගලවා ඉවත් කර ඇති  අතර වසර ගණනාවක් පැරණි මෝටර් රථ අලූත් වැඩියා කිරීම සඳහා විශාල වියදමක් දැරීමට සිදුවීම ද මෙලෙස මුහුදේ ගිල්වා දැමීමට ප්‍රධාන වී තිබේ. එසේම මෙම මෝටර් රථ වෙන්දේසි කළ හොත් ඒවා පාතාල සාමාජිකයින් ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයන් අතට පත්වීමට ඉඩ ඇති හෙයින් එය වළක්වා ගැනීම සඳහා මෙලෙස ගැඹුරු මුහුදේ ගිල්වා දැමීමට පියවර ගෙන ඇත.
මෙම වෙඩි නොවදින මෝටර් රථ වෙන්දේසි කළ නොහැකි බව පවසන නාවික හාමුදාපතිවරයා මෙවැනි වාහන ඉවත් කිරීමට ඇති හොඳම ක්‍රමය මෙය බවත් මීට පෙර ද මෙවැනි කටයුතු සිදු කර ඇති බවත් සඳහන් කළේය.

‘‘අමෙරිකානු, බ්‍රිතාන්‍ය, රුසියානු සහ ඉන්දීය තානාපති නිලධාරින් භාවිත කළ වෙඩි නොවදින වාහනද මීට පෙර ගිල්වා දමා තිබෙනවා මෙය ලෝකයේ පිළිගත් නීතියක් ‘‘ යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තුබූ අතර ඊයේ ගිල්වා දැමු ‘‘වෙලින් ’’නෞකාව එල් ටී ටී ඊ සංවිධානයට ආයුධ ප‍්‍රවාහනය කළ නෞකාවක් වන අතර එය ඒල් ටී ටී ඊ ජාත්‍යන්තර නායකයකු වු කුමරන් පද්මනාදන් (කේ .පී) අයත් එකක් බවත්, එම නෞකාව නාවික හමුදාව ද වසර කිහිපයක් පරිහරණය කර පසුව භාවිතයෙන් ඉවත් කළ බවද නාවික හමුදාව කියයි.මෙම නෞකාවද වෙනත් නෞකාවකින් ඇදගෙන ගොස් සෙසු වාහන සමග ගිල්වා දැමු බවද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කර සිටියා.















ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu