gossiplanka alexa වයිබර් ඔස්සේ තම මිතුරා මාර්ගයෙන් සාපෙළ ගණිත ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියූ පාසල් සිසුවා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වයිබර් ඔස්සේ තම මිතුරා මාර්ගයෙන් සාපෙළ ගණිත ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියූ පාසල් සිසුවා



වයිබර් ඔස්සේ තම මිතුරා මාර්ගයෙන් සාපෙළ ගණිත
ප්‍රශ්න පත්‍රයට 
පිළිතුරු ලියූ පාසල් සිසුවා

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ (18දා) පැවති ගණිතය ප්‍රශ්න පත්‍රයට වයිබර්  තාක්ෂණය යොදා ගනිමින්  පිළිතුරු සැපයූ සිසුවෙකු පිළිබඳ පුවතක් අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රධාන පාසලකින් වාර්තා වු අතර මෙම සාමාන්‍ය පෙළ සිසුවා  ගණිතය ප්‍රශ්න පත්‍රයට මෙම තාක්ෂණය භාවිතා කරමින් පිළිතුරු සැපයූ බවට ලැබුණු තොරතුරක් මත පරික්ෂණ පවත්වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ.

මෙම සැකකාර සිසුවා විභාග ශාලාවට ඇතුළුවීමෙන් අනතුරුව ජංගම දුරකථනය  රැගෙන ගණිතය ප්‍රශ්න පත්‍රයේ ඡායාරූපයක් ගෙන එය තම මිතුරෙකුට යවා තිබෙන අතර පසුව එම ප්‍රශ්න පත්‍රයට තම මිතුරාගෙන් නැවත පිළිතුරු ලබාගනිද්දි විභාග ශාලාධිපතිවරයාට හසුවී තිබෙන බවයි  වාර්තා වන්නේ.

විභාග ශාලා නිරීක්ෂකයින්ට නොපෙනෙන ලෙස දුරකථනය රැගෙන ඇවිත් සඟවා තබා විභාගය වෙලාවේ එය එළියට ගෙන ඔහු සිය වංචනික ක්‍රියාව සිදු කර තිබෙයි.එම සිසුවාගේ විභාග කටයුතු අත්හිටුවීමටද මේ වනවිට පියවර ගෙන තිබෙන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන්  අදාළ සිසුවා සහ එම විභාග ශාලාවේ ශාලාධිපති ඇතුළු පිරිස අනුරාධපුර ප්‍රදේශයේම වෙනත් විදුහලකට රැගෙන ගොස් පරීක්ෂණයක් පවත්වා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu