gossiplanka alexa හදිසියේම ධීවරයින්ගේ දැල්වලට මාළු වෙනුවට සර්පයින් හසුවේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හදිසියේම ධීවරයින්ගේ දැල්වලට මාළු වෙනුවට සර්පයින් හසුවේ


හදිසියේම ධීවරයින්ගේ 
දැල්වලට මාළු වෙනුවට 
සර්පයින් හසුවේ (Photos)

ගත වූ දින කිහිපය පුරාවටම මඩකලපුවේ ධීවර ජනතාවට කිසි දිනක නොවූ අත්දැකීමකට මුහුණ පාන්නට සිදුව තිබෙනවා. ඒ මඩකලපුව නාවලඩිය ප්‍රදේශයේ ධීවර ජනතාවගේ දැල් වලට මාළු වෙනුවට සර්ප විශේෂයක් හසුවීමයි. එසේම මඩකලපු ගංගා මෝය ඔස්‌සේ මෙවැනි සර්පයින් විශාල සංඛ්‍යාවක්‌ ගොඩබිම දෙසට ඇදී ආ බවත් ධීවරයින් ප්‍රකාශ කර කරයි.

ඒ අනුව මෙම සර්ප විශේෂයට සමාන මතස්‍ය විශේෂයක් සිටියද මෙලෙස දැල් වලට හසුව ඇත්තේ එම මතස්‍ය විශේෂය නොවන බවද ධීවරයින් වැඩිදුරටත් පෙන්වා දෙන අතර ධීවරයින් පෙන්වා දෙන ආකාරයට මෙම සර්ප විශේෂය මුහුදු නයාට සමාන බවත් මේ සම්බන්දයෙන් කඩිනම් පරීක්ෂණයක් කර මෙම සර්ප විශේෂය හඳුන්වා දෙන ලෙසත් ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙය ස්වාභාවික ව්‍යසනයක පෙර නිමිත්තක් බවටද සැක පහළ වෙන නිසා ධීවරයින් බියෙන් පසුවන බවද දමිළ මාධ්‍ය වාර්තා කරන අතර එසේම මේ දිනවල මුහුදේ පවතින රළු ස්වභාවය නිසා ධීවර කටයුතු තරමක් අඩාල වීමත් සමඟ මෙවැනි අත්දැකීමකට මුහුණ දීමට සිදුවීම තමන් බොහෝ අපහසුතාවයට පත්ව ඇති බව ඔවුන් ප්‍රකාශ කර සිටියා.











ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu