gossiplanka alexa වෙළෙඳසලට ආහාර රැගෙන යමින් සිටියදී දරුවවයි මාමවයි පැහැර ගෙන

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වෙළෙඳසලට ආහාර රැගෙන යමින් සිටියදී දරුවවයි මාමවයි පැහැර ගෙන



වෙළෙඳසලට ආහාර රැගෙන යමින් සිටියදී
දරුවවයි මාමවයි පැහැර ගෙන
- කප්පම ලක්ෂ 10ට අඩුවෙයි

ගම්‍පොළ බස් නැවතුම්‍පොළ අසල ගඟවට පාරේ වෙළෙඳසලට පැමිණෙමින් සිටි අවුරුදු දෙකහමාරක කුඩා පිරිමි දරුවකු හා 23 හැවිරිදි ඔහුගේ මාමා පෙරේදා (3) දින සවස පැහැර ගත් පුද්ගලයින් දරුවාගේ පියාට දුරකථන ඇමතුමක් ලබාදී රුපියල් ලක්ෂ තිහක කප්පමක් ඉල්ලා ඇතැයි
ගම්‍පොළ ‍පොලිසිය පවසයි. මෙසේ පැහැරගැනීමට ලක්ව ඇත්තේ මොහොමඩ් සල්මාන් නමැති දරුවා හා අබ්දුල් රහීම් මොහොමඩ් නිසාම් නමැති තරුණයෙකි.
කෙසේ වෙතත් දරුවාගේ පියාට රුපියල් ලක්ෂ 30ක කප්පම් ඉල්ලා සිදු කළ ඇමතුම ඊයේ (04) සවස වන විට රුපියල් ලක්ෂ 10ක් දක්වා අඩු කර ගැනීමට හැකි වී තිබුණි.

පෙරේදා (03දා) නිවසේ සිට වෙළෙඳසල වෙත ඇත්තේ මීටර් 50ක් පමණ දුරක් වන අතර පෙරේදා දහවල් දෙකට වෙළෙඳසලට ආහාර රැගෙන යමින් සිටි මෙම දෙදෙනා අතුරුදහන්ව ඇත. එදින සවස 3.30ට පමණ කිසිවකු ලබා දුන් දුරකථන ඇමතුමක් අනුව මෙය පැහැරගැනීමක් බව දැනගත් දරුවාගේ පියා වන මොහොමඩ් රිපාස් මෙසේ ‍පොලිසිය වෙත පැමිණිලි කර ඇත.

අතුරුදහන් තරුණයා රිපාස්ගේ මවගේ සොහොයුරාගේ පුතා බවත් බදුල්ල බදුලු‍පොළ ප්‍රදේශයේ පදිංචි ඔහු මහනුවර මහ රෝහ‍ලේ වෛද්‍ය සායනයක් සඳහා සහභාගිවීමට නියමිතව සිටි නිසා තම නිවසට පැමිණි සිටි බව රිපාස් සඳහන් කරයි.

මෙම දෙදෙනා අතුරුදහන් වීමෙන් පසු කිසිවකු විසින් අබ්දුල් රහීම් මොහොමඩ් නිසාම්ගේ දුරකථනයෙන් සිංහලෙන් කතා කොට නැවත ඇමතුමක් ගන්නා බව සඳහන් කොට ඇතත් ඊයේ (4) වනතුරුත් කිසිවකු ඇමතුමක් රැගෙන නොතිබුණි.

අතුරුදහන් තරුණයා රැගෙන ආ ගමන් බෑගයද නිවසේ තිබි හමුවූ අතර ඔහුට එම වෛද්‍ය සායනය තිබි ඇත්තේද ඊයේ (04දා)ය. දහවල් 1.50ට පමණ මෙම තරුණයා දිවා ආහාරය ගැනීමෙන් පසු වෙළෙඳසල වෙත ආහාර රැගෙන යාමට සූදානම් වූ අවස්ථාවේ කුඩා දරුවාද මොහු සමග යාමට අවශ්‍ය බව පැවසූ නිසා දරුවා රැගෙන ගිය බවද ප්‍රකාශ වේ.

දරුවාගේ පියා වන මොහොමඩ් රිපාස් නගරයේ අබලි ද්‍රව්‍ය එක්රැස් කරන (නඩාර්කඩ) වෙළෙඳසලක් පවත්වාගෙන යන අතර ඔහුගේ පියා ඇතුළු කිහිප දෙනෙක් එම වෙළෙඳස‍ලේ සේවය කරති.

එලෙසම අතුරුදහන් වූ තරුණයා පිළිබඳව විශේෂ පරීක්ෂණයක් අරඹා තිබෙන බව පොලිසිය සඳහන් කර සිටියා. තම කුඩා පුතුට කිසිදු අනතුරක් සිදු නොකරන ලෙසත් යමක් කීමට ඇත්නම් ඉක්මනින් එය තමාට දන්වන ලෙසත් දරුවාගේ පියා ඉල්ලීමක් කරයි.

මීට සතියකට පෙර ඉහත ගම්‍පොළ ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන යාමේ උණුසුම පහව යන්නටත් පෙර මෙම සිදුවීමත් ගම්‍පොළ ප්‍රදේශය යළිත් නොසන්සුන් වී තිබේ.

පී.ඒ. රාජනායක – ගම්‍පොළ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu