gossiplanka alexa අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවෙන් පසුව තෙල් වැඩ වර්ජනය අත්හිටුවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවෙන් පසුව තෙල් වැඩ වර්ජනය අත්හිටුවයි




ඊයේ රාත්‍රියේ අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවෙන් පසුව
තෙල් වැඩ වර්ජනය අත්හිටුවයි

ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ රාත්‍රියේ (24) අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ වර්ජනය අත්හිටුවීමට එම වෘත්තීය සමිති තීන්දු කළ බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය. අද දින ඇරඹෙන
(25) අග්‍රාමාත්‍යවරයා ඉන්දියානු සංචාරය තුළ දී එළඹෙනුයේ දේශපාලන අවබෝධතා ගිවිසුමකට පමණක් බවත්, තෙල් ටැංකි සම්බන්ධයෙන් හෝ වෙනයම් කරුණක් සම්බන්ධයෙන් නිත්‍යනුකූල ගිවිසුමකට එළඹෙන්නේ නම් ඊට මත්තෙන් වෘත්තීය සමිති හා අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා පවත්වන බවත් අග්‍රාමාත්‍ය ‍ලේකම්වරයා වෘත්තීය සමිති වෙත ලිඛිතව ලබා දුන්  පොරොන්දුවට අනුව වැඩ වර්ජනය අත්හිටුවීමට ඔවුන් තීරණය කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

හම්බන්තොට තෙල්ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් කැබිනට් අනුකමිටුව සමග සාකච්ඡාවක් ලබා දීමටත්, තෙල් පිරිපහදුවට සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා ලෙස චන්දිම වීරක්කොඩි මහතා විසින් අදාළ යෝජනාව ආර්ථික කමිටුවට ඉදිරිපත් කරන බවට ද එහිදී ඛනිජ තෙල් වෘත්තීය සමිති වෙත ලිඛිතව දැනුම් දී ඇත.
වැඩවර්ජනය නිසා ඉන්ධන අවසන් වී ඇති පිරවුම්හල්වලට අද දින (25) දහවල් වන විට ඉන්ධන සැපයීමට හැකිවනු ඇතැයිද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ ය.

නිමල කොඩිතුවක්කු/ දිල්රුක්ෂි ග්‍රේරු
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu