gossiplanka alexa කරදියාන උද්ඝෝෂණයට උසාවියෙන් කොන්දේසි 8ක් සහිත නියෝගයක් නිකුත් කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කරදියාන උද්ඝෝෂණයට උසාවියෙන් කොන්දේසි 8ක් සහිත නියෝගයක් නිකුත් කරයි




කරදියාන උද්ඝෝෂණයට උසාවියෙන්
කොන්දේසි 8ක් සහිත නියෝගයක් නිකුත් කරයි

පිළියන්දල කරදියාන කසළ අංගණයට කොළඹ කුණු බැහැර කිරීමට එරෙහිව සිදුකිරීමට නියමිත උද්ඝෝෂණයට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් කොන්දේසි අටක් සහිත නියෝගයක් ඊයේ (21) නිකුත් කළේය. බස්නාහිර පළාත්
සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි, අමල් සිල්වා ඇතුළු මහජන නියෝජිතයින් අටකට එරෙහිව එම නියෝගය කැස්බෑව වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් වීරසිංහ මහතා නිකුත් කළේය. පිළියන්දල පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව අධිකරණය එම කොන්දේසි සහිත නියෝගය නිකුත් කළේය.
එය නම්,
උද්ඝෝෂණ අතරතුර කැරළි කෝලහාල සිදුකිරීම, මහජන පීඩා වන අයුරින් මාර්ග අවහිර කිරීම, මහජන දේපළවලට හානිවන අයුරින් කටයුතු කිරීම, අන් පුද්ගලයින්ට හානි කිරීම, අනර්ථයක් සිදුකිරීමට හෝ එසේ කිරීමට ආධාර අනුබල දීම, ජනතාව කුපිත කිරීම වළක්වමින් එම නියෝගය නිකුත් කළේය.
අදාළ නියෝගය දින 14 ක් වලංගු වන අතර එම කාලය තුළදී එම කොන්දේසි කඩකරමින් උද්ඝෝෂණ කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බව ද සඳහන් වෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu