gossiplanka alexa මහින්ද තරුණ වීමට කෝටි ගණන් මහජන මුදල් වියදම් කරලා - අසාද් සාලි සියල්ල හෙළි කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහින්ද තරුණ වීමට කෝටි ගණන් මහජන මුදල් වියදම් කරලා - අසාද් සාලි සියල්ල හෙළි කරයි





මහින්ද තරුණ වීමට කෝටි ගණන් මහජන මුදල් වියදම් කරලා
අසාද් සාලි සියල්ල හෙළි කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් හිටපු අගමැති දි.මු. ජයරත්න මහතාත් තරුණ වීමට කෝටි ගණන් මහජන මුදල් වියදම් කොට ඇමෙරිකාවට ගොස් එන්නත් විදගත් බව පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතා පැවසීය.
මම ඉතා වගකීමෙන් කියන්නේ. මේ කියන දේවල් බොරු නම්
අසාද් සාලිට විරුද්ධව පියවර ගන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා තරුණ වෙන්න ඇමෙරිකාවට ගිහින් ඔය එන්නත විදගත්තා. ඒ කා‍ලේ අගමැති දි.මු. ජයරත්න මහත්තයට ලෙඩ හැදුණා. එයා මහින්ද මහත්තයාට කීවා මට මේ අගමැතිකම කරන්න බෑ මේක කැමැති කෙනකුට දෙන්න කියලා. ඒ පාර මහින්ද මහත්තයා බැලුවා කවුද ඉන්නේ කියලා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තමයි හිටියේ. එයා බය වුණා එතුමාට අගමැතිකම දෙන්න. ඒ හින්දා මොකද කළේ දි.මු. ජයරත්න අගමැතිතුමා ඇමෙරිකාවේ අරගෙන ගිහින් අර තරුණ වෙන එන්නත විද්දා. ඒකෙන් තමයි දි.මු. අගමැතිතුමා ආයෙත් අල්ලන් හිටියේ.
මේවා කැත වැඩ. මොකද මේ එන්නත අවුරුද්දකට වරක් විදින්න ඕනෑ. ඇමෙරිකාවෙන් සිංගප්පූරුවට එන්නත ගෙන්නලා මෙයාලා සිංගප්පූරු ගිහින් එන්නත විදගෙන ආවා. මේ කාගේ සල්ලිද? අම්මගේ අප්පගේ බූද‍ලේ වගේ රටේ අහිංසක ජනතාවගේ මුදල් තමයි මෙයාලා නාස්ති කළේ. ඒවා ජාතික අපරාධ. අදත් දි.මු. හිටපු අගමැති ඉන්නේ ඒ එන්නතේ බලෙන්. යැයි ද අසාද් සාලි මහතා කියා සිටියේය.
එමෙන්ම අසාද් කියන්නේ බොරුවක් යැයි මාධ්‍ය ඉදිරියට පැමිණ මහින්ද රාජපක්ෂ මහතාට කිව හැකි අතර තමා ළඟ එම තොරතුරු අඩංගු ‍ලේඛන ඇතිබවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

සුජිත් කෝනාර
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu