gossiplanka alexa මුහුදු පතුලටම ගොස් සැබෑ ටයිටැනික් නැව නැරඹීම සඳහා සංචාරකයන් රැගෙන යාමට සූදානම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුහුදු පතුලටම ගොස් සැබෑ ටයිටැනික් නැව නැරඹීම සඳහා සංචාරකයන් රැගෙන යාමට සූදානම්





මුහුදු පතුලටම ගොස් සැබෑ ටයිටැනික් නැව
නැරඹීම සඳහා සංචාරකයන් රැගෙන යාමට සූදානම්

පළමු චාරිකාවේ ආසන සියල්ල මේ වන විටත් අලෙවි කර අවසන්ලු

1912 අප්‍රේල් මස 14 වන දින රාත්‍රීයේ අයිස් කුට්ටියක වැදී ආපදාවට පත්වූ ටයිටැනික් නෞකාව පිළිබඳව කවුරුත් දන්නවා ඇති. එසේ රාත්‍රියේ ගැටුණු නෞකාව පසුදින උදෑසන වන තුරුත් විනාශ වෙමින් පැවතුණු අතර එයින් පුද්ගලයෝ 1500 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වූණා. ටයිටැනික් නෞකාව මුහුදුබත් වී දැනට

වසර 105කට ආසන්න වෙනවා. මෙය විසිවැනි සියවසේ සිදුවූ වඩාත් ප්‍රසිද්ධම නාවික අපාදාව ලෙසයි සැලකෙන්නේ.
ඒ කෙසේ නමුත් එංගලන්තයේ එක්තරා සංචාරක ආයතනයක් අත්ලාන්තික් සාගරයේ මුහුදු පතුලේ ඇති ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා සංචාරකයන් රැගෙන යෑමට සැලසුම් කර තිබෙනවා. මෙය 2018 වසරේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර ටයිටැනික් නෞකාවට ළඟා වීමට සාගරය මතුපිට සිට සැතපුම් දෙකක් පමණ ගැඹුරු මුහුදට යා යුතු වෙනවා.

එංගලන්තයේ බ්ලූ මාබල් ආයතනය විසින් මෙම කාර්යය ආරම්භ කර තිබෙන අතර මෙම සංචාරය සඳහා එක් පුද්ගලයෙකුගෙන් පිරිවැය ඩොලර් 105,129ක් බවට ගණන් බලා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. එම මුදල ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් එක්කෝටි පනස්නම ලක්ෂ හැටදහසක් (රු.15,960,684) පමණ වෙනවා. කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලෑන්ඩ්වලින් මෙම ගමන ආරම්භ කරන අතර මෙය දින 8ක චාරිකාවක් වන බවයි පවසන්නේ. කෙසේ වෙතත් එම සමාගම විසින් ඒ සඳහාම විශේෂයෙන් නිර්මාණය කළ විශේෂිත යානාවක්ද නිර්මාණය කිරීමට සූදානම් වනවා. මෙහි පළමු චාරිකාව සඳහා වන ආසන සියල්ල මේ වනවිටත් අලෙවි කර අවසන්ව ඇතැයිද සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu