gossiplanka alexa මූලධර්මවාදී, අන්තවාදී පන්තිවලට සහභාගී වූ සිසුන්ට දේශකවරුන්ම පහර දෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මූලධර්මවාදී, අන්තවාදී පන්තිවලට සහභාගී වූ සිසුන්ට දේශකවරුන්ම පහර දෙයි

.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටි සිසුන් සඳහා පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් ඕලුවිල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. මෙම පුද්ගලයින් දෙදෙනා සිසුන්ට එම පන්තිවල දී මූලධර්මවාදය සහ අන්තවාදය පිළිබඳව දේශනා පවත්වා තිබෙනවා. 

මෙසේ මූලධර්මවාදය අන්තවාදය පිළිබඳ පන්ති පැවැත්වීමට පෙර දෙනු ලබන ශාරීරික අභ්‍යාසවලට සහභාගී වීමට අකමැති වීම නිසා මෙම සිසුන් පහර කෑමට ලක්ව තිබෙනවා. ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මඟින් මෙම පහර කෑ සිසුන් පිරිස සොයාගෙන තිබෙන අතර ඔවුන් අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

විදෙස් රටවල අන්තවාදී ත්‍රස්ත සංවිධානවලට සාමාජිකයින් බඳවා ගැනීම සඳහා විවිධ දේශන පැවැත්වෙන බවත් එම දේශනවල අඩංගු කරුණු මොවුන් දෙදෙනා විසින් මෙම පාසැල් සිසුන්ට ද ලබා දී ඇති බවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය පවසනවා.  

මෙම දේශන පැවැත්වීමට පෙර එයට සහභාගීවන සිසුන්ට ඔවුන්ගේ අකමැත්තෙන් ශාරිරික අභ්‍යාස ලබා දී ඇති බවත් එසේ අකමැති වීම නිසා ඔවුන් පහර කෑමට ලක්ව ඇති බවත් සඳහන්.

2018 වසරේ දෙසැම්බර් මාසයේ දී ඕලුවිල් ප්‍රදේශයේ දී මෙසේ එම දේශනා පවත්වා ඇත්තේ පාස්කු ප්‍රහාරයේ සහරාන් හෂීම්ගේ උපදෙස් මතයි.

ඔලෞවිල් ප්‍රදේශයෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා අවුරුදු 30ක් සහ 39ක් වයසැති බවයි වාර්තා වන්නේ.

මෙවැනි දේශනා පැවැත්වූ තවත් පුද්ගලයින් දෙදෙනෙක් මුතූර් ප්‍රදේශයෙන් ද ගුරුවරුන් දෙදෙනෙකු පුත්තලම ප්‍රදේශයෙන් ද අත් අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu