gossiplanka alexa රනිල් රටින් පැන ගියේ දැයි සැකයක් ? රවිගේ ගෙදර දින හතක යාගයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රනිල් රටින් පැන ගියේ දැයි සැකයක් ? රවිගේ ගෙදර දින හතක යාගයක්

country gossip
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු පිරිසක් අත් අඩංගුවට ගන්නැයි නීතිපතිවරයාගේ දැනුම් දීමත් සමඟම එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටින් පිටව ගියා. ඒ  ඩුබායි රාජ්‍යය වෙතයි. එක්සත් ජාතික පක්ෂ හිතවාදී මාධ්‍ය කිහිපයක් වාර්තා කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා එසේ රටින්  පිටව ගොස් ඇත්තේ බැඳුම්කර චෝදනාව සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බවට ලද තොරතුරු මත බවයි. හිටපු අගමැතිවරයා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ යැයි ප්‍රබලයෙකුගේ ලද දැනුම්දීමක් හේතුවෙන් වික‍්‍රමසිංහ මහතා රටින් බැහැර වී ඇතැයි එම වාර්තාවන්හි සඳහන් වනවා.

රනිල් වික‍්‍රමසිංහ මහතා ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගියේ කිසිදු හේතුවක් නොදන්වමින්. මේ අතර බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ඇමැති රවී කරුණානායක මහතා  අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම හෙට දින දක්වා කල්දමා තිබෙනවා. ඔහුට රටින් පිටවීම ද තහනම් කර තිබෙනවා.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග දන්වා සිටින්නේ රවී කරුණානායක මහතාගේ බත්තරමුල්ල පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවසෙහි මේ දිනවල යාගයක් පවත්වමින් තිබෙනව බවයි. එහි සියලු කටයුතු සම්බන්ධීකරණය කරන්නේ හිටපු ඇමති මර්වින් සිල්වා වන අතර දින හතක් එක දිගට මෙම යාගය පැවැත්වීමට නියමිත බවද සඳහන්. 

දකුණු පළාතේ ප්‍රබල යකැදුරන් පිරිසක් ගෙනවිත් සිදු කරන මෙම යාගය රටටත් ජනතාවටත් සෙත්පතමින් පවත්වන බවත් රටට ඇති වී තිබෙන තුන්බිය මෙමගින් දුරු වී යනු ඇති බවත් මර්වින් සිල්වා මහතා සඳහන් කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu