gossiplanka alexa සමාජ මාධ්‍ය කළඹන කුඩා දැරියක් අපයෝජනය කරන වීඩියෝවේ සිටින සැකකරුට වැඩ වරදින ලකුණු ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සමාජ මාධ්‍ය කළඹන කුඩා දැරියක් අපයෝජනය කරන වීඩියෝවේ සිටින සැකකරුට වැඩ වරදින ලකුණු ?

මේ අතර ජාතික ළමාරක්ෂක අධිකාරිය සදහන් කරන්නේ ගතවූ මාස දෙකක කාලය තුළ පමණක් ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි 2500 කට අධික සංඛ්‍යාවක් එම අධිකාරියට ලැබී තිබෙන බවයි.

ඒ අනුව ළමා අපයෝජන සම්බන්ධයෙන් දැනුම්දීමට ලබාදී ඇති 1929 දුරකථන අංකයට දිනකට පැමිණිලි 40 ක් පමණ ලැබෙන බව එම අධිකාරිය පවසනවා.

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන කුඩා දැරියක් අපයෝජනයට ලක් කරන වීඩියෝ පටයේ සිටින බවට සැකකෙරෙන අපයෝජකයාගේ හඩ පරික්ෂාවට ලක්කිරීමට ද ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර තිබෙනවා.

වයස අවුරුදු 06 ක පමණ කුඩා දැරියක් ලිංගික අපයෝජනයකට ලක්වන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් පසුගිය කාලය පුරාවටම සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වුණා.

පසුගිය 26 වනදා කලාකරුවන් ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉදිරියේ මේ පිළිබඳව විරෝධතාවයකද නිරත වුණා. ඒ මේ පිළිබදව නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයිදැයි ප්‍රශ්න කරමින්.

කෙසේ වෙතත් මේ පිළිබඳව පරීක්ෂණ කඩිනම් කිරීමට ජාතික ළමාරක්ෂක අධිකාරිය පියවර ගෙන ඇති අතර  අදාළ දැරිය යළිත් අපයෝජනයට ලක්වීමේ අවධානමක් පවතින බැවින් මේ වන විට වෙන්වෙන්ව සිදුකෙරෙන විමර්ශන ඒකාබද්ධ කොට ඒවා කඩිනම් කිරීමටද තීරණය කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu