gossiplanka alexa රතු නිවේදන දී ඇති අයි.එස්.අයි.එස් සැකකරුවන් දෙදෙනෙකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට උදව්වක්, ආරක්ෂාවට තර්ජනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රතු නිවේදන දී ඇති අයි.එස්.අයි.එස් සැකකරුවන් දෙදෙනෙකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට උදව්වක්, ආරක්ෂාවට තර්ජනයක්

ගමන විගමන නිලධාරීන්ගේ උදව් ඇතුව මැලේසියා හා ඩුබායි අයි.එස්. සංවිධානයේ ප්‍රබලයන් දෙදෙනකු කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට ඇතුළු වී ඇති බව බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබෙනවා. 

මීට සති දෙකකට පෙර ඔවුන් දෙදෙනා මෙරටට පැමිණ දින හතරක් හෝටල්වල රැඳී සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අන්තර් ජාතික පොලිසිය (ඉන්ටර්පෝල්) මගින් රතු නිවේදන නිකුත් කර තිබියදී ඔවුන් දෙදෙනා ආගමන විගමන නිලධාරීන්ගේ පරීක්‍ෂාවෙන් මිදී රට තුළට ඇතුළු වූයේ කෙසේද යන්න ගැටලු සහගත බව ආරක්ෂක ප්‍රධානින්ට ගැටළු මතු වී තිබෙනවා. 

උසස් ආරක්ෂක අංශ නිලධාරියෙක් සඳහන් කළේ එම අයි.එස්. සැකකරුවන් දෙදෙනාට රටට ඇතුළු වීමට ඉඩ ලබාදීමෙන් ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවයි. 

සැකකරුවන් මෙසේ ලංකාවට ඇතුළු වී තිබෙන්නේ ඔවුන් පිළිබඳ  තොරතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ආගමන විගමන දෙපාර්තමේන්තුවටද ලබාදී තිබියදී යි. මොවුන් මැලේසියා හා ඩුබායි ජාතිකයන් වනවා. 

​​මේ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සභාපති පාලක (නීති) බී.ජී.ජී. මිලින්දගෙන් කළ විමසීමකදී ඔහු පැවැසුවේ එවැනි දෙදෙනෙක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී නොමැති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu