gossiplanka alexa ණය ගෙවා ගැනීමට නොහැකිව දරුවන්ටත් වස දී තමන්ද වස පානය කළ පවුලක අවාසනාවන්ත ඉරණම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ණය ගෙවා ගැනීමට නොහැකිව දරුවන්ටත් වස දී තමන්ද වස පානය කළ පවුලක අවාසනාවන්ත ඉරණම




ණය ගෙවා ගැනීමට නොහැකිව දරුවන්ටත් වස දී තමන්ද වස පානය කළ පවුලක අවාසනාවන්ත ඉරණම
දරුවන් තිදෙනාම මිය ගිහින්

තමන්ට ගෙවීමට නියමිත ණය ගෙවා ගැනීමට නොහැකි වීම නිසා වස පානය කර සැමියා මියයාමෙන් පසු තනිවූ බිරිඳක් සැමියාගේ ණය කරුවන්ගෙන්ම ගැලවෙන්නට බැරි වීමෙන් තම දරු තිදෙනාටද අයිස්ක්‍රීම් සමඟ වස ලබාදී තමන්ද වස පානය කර මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් යාපනයෙන් වාර්තා වෙනවා. ඊයේ (27දා) උදෑසන 11ට පමණ අයිස්ක්‍රීම් මිලට ගෙන ඇය විසින් රැගෙන ආ වස එයට මිශ්‍ර කර පසුව

පුතුන් දෙදෙනාට සහ දියණියටත් ලබාදී මවද වස මිශ්‍ර කළ අයික්‍රීම් කා නිවසේ පැදුරේ නිදාගෙන ඇති අතර වෙනදාට ළමයි නිසා  නිවසේ ඇසෙන ශබ්ද නොමැති නිසා අසල්වැසියෙකු විසින් එම නිවස පරික්ෂා කර තිබෙනවා. එහිදී  මවගේ හා දරුවන් තිදෙනාගේත් නාසයෙන් හා මුඛයෙන් ලේ දමා තිබූ අයුරු දැක තිබෙන අතර එම අවස්ථාවේදීම මේ පිළිබඳව පොලීසියට දැනුම් දී ඇත.

මෙලෙස මියගොස් තිබෙන්නේ යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි තිදරු මවක් වන කේ. සුනේත්‍රා සහ ඇයගේ දරුවන් තිදෙනායි. මෙම දරුවන් තිදෙනාගෙන් වැඩිමහල් දියණියට වයස අවුරුදු 4ක් වන අතර පිරිමි දරුවන් දෙදෙනාගෙන් එක් දරුවෙකුට වයස අවුරුදු 2ක් සහ අනෙක් කුඩා දරුවා වයස අවුරුදු 1ක සිඟිත්තෙක්.
මෙලෙස මියගිය කාන්තාවගේ සැමියා මීට මාස 2කට ඉහතදී මියගොස් ඇති බව පොලිසිය පවසයි. ඒ ඔහු  යාපනය ප්‍රදේශයේ රන්හාණඩ අලෙවිසල්වල සේවය කර ඇති අතර ඔහු ගත් ණය මුදල් ගෙවාගැනීමට නොහැකිව රන් භාණ්ඩ සැකසීමට ගන්නා විෂ දියරයක් පානය කිරීමෙනි.

කෙසේ හෝ සැමියාගේ මරණයෙන් පසුවැද ණයකරුවන් කාන්තාව සොයා පැමිණ ඇති අතර එම පීඩනය දරාගැනීමට නොහැකිව රන් භාණ්ඩ සැකසීමට ගන්නා විෂ දියරය රැගෙන අයිස්ත්‍ක්‍රීම් සමඟ මිශ්‍ර කර අනතුරුව දරුවන් තිදෙනාටද කවා කාන්තාවද ආහාරයට ගෙන ඇති බව පොලිසිය පවසයි. මෙලෙස ආහාරයට ලබාදුන් විෂ සහිත අයිස්ත්‍රීම් සහිත බඳුන නිවෙසහි තිබී පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර විෂ සහිත අයිස්ක්‍රීම් ආහාරයට ගැනීමෙන් පසුව කාන්තාව හා ඇගේ දරුවන් තිදෙනා පැදුරක් මත මියගොස් සිටි බව පොලීසිය වැඩිදුරටත් සදහන් කරනවා.

පොලිස් නිලධාරීන් විසින් නිවෙස පරීක්ෂා කිරීමේදී මියගිය කාන්තාව විසින් ඇගේ ඥාතීන් වෙත හා යාපනය මහාධිකරණ විනිසුරු මාණික් වාසගර් සෛලංවේරිලියන් මහතා වෙත ලියා තිබූ ලිපි දෙකක් පොලිසිය විසින් සොයාගෙන ඇත. මහාධිකරණ විනිසුරුවරයාට ලියා තිබූ ලිපියෙහි සඳහන්ව ඇත්තේ තමාගේ සැමියා පුද්ගලයකුට ණයක් දී තිබූ බවත්, එම ණය ඔහු යළි ලබා නොදිම හේතුවෙන් හා සැමියා ණයට මුදල් රැගෙන ලබාදීම හේතුවෙන් ඔහුට දරා ගන්නට බැරිව වස පානයකොට ජීවිතය නැති කරගත් බවත්ය. එසේම තම දරුවන් සැම විටම තමන්ගේ පියා සොයන බවත් තමාට තවදුරටත් වේදනා විඳීමට නොහැකිවීම නිසා මම ළමයින් තිදෙනා සමඟ මෙම තීරණය ගත් බවත් එම ලිපියෙහි සඳහන් වන බව වාර්තා වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu