gossiplanka alexa පියාගෙන් ඉල්ලු ෆ්රයිඩ් රයිස් එකක් ලබා නොදුන් නිසා වයස අවුරුදු 12 ක දරුවෙක් ගෙල වැලලාගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පියාගෙන් ඉල්ලු ෆ්රයිඩ් රයිස් එකක් ලබා නොදුන් නිසා වයස අවුරුදු 12 ක දරුවෙක් ගෙල වැලලාගනී




පියාගෙන් ඉල්ලු ෆ්රයිඩ් රයිස් එකක් ලබා නොදුන් නිසා
වයස අවුරුදු 12 ක දරුවෙක් ගෙල වැලලාගනී

විවිධ හේතුන් නිසාවෙන් සිය දිවි හානිකරගැනීම් සම්බන්ධ පුවත් පසුගිය කාලය පුරාවටම අපිට අහන්නට දකින්නට ලැබුනා. මේ කියන්න යන්නෙත් ඒ වගේ තවත් තවත් සංවේදී පුවතක් ගැනයි. මේ සිදුවීම අපිට දැනගන්න ලැබුනේ පසුගිය 27 වන දිනයි. ඒ ගාල්ල, හිනිදුම, ඕපාත ප්‍රදේශයෙනුයි.
පසුගිය සිකුරාදා (27දා) දින තම පියා සමඟ හිනිඳුම නගරයට ගිය වයස අවුරුදු 12 ක දරුවා නැවත නිවසට පැමිණෙන අවස්ථාවේදී
තම පියාගෙන් ෆ්රයිඩ් රයිස් එකක් ඉල්ලා තිබෙනවා. නමුත් ඒ අවස්ථාවේදී දරුවාගේ ඒ ඉල්ලීම පියා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. පසුව මේ හේතුව නිසාවෙන් මේ දරුවා කිසිවෙකුට නොදන්වා නිවස පිටුපස තිබූ මඩුවකදී ගෙල වැලලාගෙන තම ජීවිතය නැති කරගෙන තිබෙන අතර මේ සිද්ධිය සිදුවන අවස්ථාවේ පවුලේ සියළු දෙනාම නිවස තුල රැඳී සිට තිබෙනවා.

මෙලෙස ගෙල වැලලාගෙන සියදිවි හානි කරගත් මෙම දරුවා ගාල්ල ඕපාත මහා විද්‍යාලයේ 8 වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු වන අතර ඔහුට අවුරුදු 11ක් පමණ වයසැති බාල සහෝදරයෙකුද සිටිනවා.
කෙසේ වෙතත් මේ සිදුවීම සම්බන්ධයෙන් හිනිදුම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu