gossiplanka alexa අධිකරණ නියෝගයක් මත කොළඹ කුණු කරදියානට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අධිකරණ නියෝගයක් මත කොළඹ කුණු කරදියානට



අධිකරණ නියෝගයක් මත කොළඹ කුණු කරදියානට
28 වෙනිදා දක්වා පමණයි

මීතොටමුල්ල කුණු කන්ද නාය යාම නිසා කොළඹ නගරයේ එකතුවන කැළි කසල වලින් මෙට්රික් ටොන් 350ක ප්‍රමාණයක් කරදියාන කසළ රදවනය මගින් බාර ගත යුතු බව කැස්බෑව මහේස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය නියෝග කර ඇත.

මෙම නියෝගය පනවා ඇත්තේ මේ මස 28 වෙනිදා දක්වා පමණක්
හා කොළඹ මහ නගර සභාව මගින් කරන ලද ඉල්ලීමකට අනුවය. එම නියෝගය පරිදි බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමණාකරණ අධිකාරියේ සභාපති රුවිනි ධර්මසිරි මහත්මිය, එම කසල ප්‍රමාණය කරදියාන කසළ රඳවනයට බාර ගන්නා බව අධිකරණය වෙත දන්වා ඇත.

මෙම කසල රඳවනය පිහිටා ඇත්තේ බොරුපන හරහා වැටී ඇති බොරලැස්ගමුව - රත්මලාන ගොළුමඩම මාර්ගය අද්දර වේරස්ගඟ සමීපයේය වන අතර මෙය අක්කර 37ක භූමි භාගයකින් යුතු වෙයි.

අධිකරණයෙන් අවසරය ලබාගැනීමෙන් පසු  ඊයේ සිටම (18) කරදියාන අංගනයට කසළ බැහැර කිරීමේ කටයුතු ආරම්භ කළ බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්‌ වී. කේ. ඒ. අනුර මහතා පවසයි. දිනපතා කොළඹ නගරයේ කැළි කසළ ටොන් හත්සිය පනහක්‌ පමණ එක්‌රැස්‌ වන බව එම මහතා පවසා ඇත.

මීට අමතරව කොළඹ නගරයේ තවත් ස්‌ථාන තුනක්‌ කසළ බැහැර කිරීම සඳහා තෝරාගෙන ඇති බවත් එම ස්‌ථාන කුමක්‌ ද යන්න දැන්ම හෙළි කළ නොහැකි බව ඒ මහතා කියා සිටියේය. කෙසේ වෙතත් කරදියාන කසළ අංගනය වෙත බොරලැස්‌ගමුව, කෝට්‌ටේ, දෙහිවල, ගල්කිස්‌ස, මොරටුව, කැස්‌බෑව නගර සභාවල කසළ බැහැර කෙරෙමින් පවතින අතර හෝමාගම, වෑතර ප්‍රදේශයේ සුළු කොටසක කසළ ද ඊට බැහැර කෙරෙමින් පවතී. මේ වන විට කරදියාන කසළ අංගනය සහිත ප්‍රදේශය වෙත පොලිස්‌ ආරක්‍ෂාව ලබා දීමට ද පියවර ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu