gossiplanka alexa අයෝමි ශානිකා ආපහු සැරයක් මවක් වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අයෝමි ශානිකා ආපහු සැරයක් මවක් වෙයි

ජීවිතය ලස්සන කරමු ටෙලි නාට්‍යයේ 'සුදු නංගි' චරිතය රඟපාමින් ටෙලි නාට්‍ය කෂේත්‍රයට එක්වුණු අයෝමී ශානිකා ගැන ඔයගොල්ලො හොඳට දන්නවා. දැන් ඇය ආයුර්වේද වෛද්‍යවරියක්. ඒ වගේම එක් දරු මවක්.

අයෝමි මේ වෙද්දි ජීවත්වෙන්නේ කොළඹින් සැතපුම් ගණනක් ඈත. ඒ කියන්නේ තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූ චින්තකගේ ගම් පළාතේ.

මම කසාද බැන්දට පස්සේ කොළඹ පළාත අතහැර දාලා නුවරට ආවේ අලුත් ජීවිතයක් පටන් ගන්න තිබුණු වුවමනාව නිසාමයි. ඒ හින්දම මම  රඟපෑමට යොමු වීම පවා සීමාකර ගත්තා. ඊට පස්සේ මගේ අධ්‍යාපන වැඩකටයුතු මෙහෙදීම ඉවර කරගත්තා.

දැන් මම ආයුර්වේද වෛද්‍යවරියක් විදිහට පෙෘද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා. විශේෂයෙන්ම බබාල නැති අම්මලට තමයි වැඩිපුර ප්‍රතිකාර කරන්නේ..

රෝගීන්ට ප්‍රතිකාර කරන අතරතුර ඔබත් මවක් වෙන්න යන බව අපිට දැන ගන්න ලැබුණා.. අපේ ප්‍රශ්නයට ශානිකා මහ හයියෙන් හිනා වුණා.
ඔව්..ඔව්.. ඒක ඇත්ත.. දැන් මම ආපහු සැරයක් අම්ම කෙනෙක් වෙන්න යනවා..ලබන අවුරුද්දේ ජනවාරී මාසේ වෙද්දි ඒ අමුත්තා හෝ අමුත්තිය අපේ ගෙදරට ඒවි. ඇය සතුටින් යුතුව කිව්වා. අයෝමි - චින්තක කැදැල්‍ලේ පළමු දරුවා කොල්ලෙක්.  දැන් එයාගේ වයස අවුරුදු දෙකයි. ඒ දඟකාරයා දැන් අම්ම තාත්තා දෙන්නවම පාලනය කරගෙන ඉන්නේ රණ්ඩු වෙවී චණ්ඩිකම් එහෙම පෙන්නගෙනයි.
දැන් එයාට හැමෝම ආදරෙයිනේ...විශේෂයෙන්ම එයාට අපේ අම්මා පණ වගෙයි.. චින්තකගේ අම්මත් එහෙමයි..අපේ අම්මයි තාත්තයි මාව හොයනවට වඩා හොයන්නේ පුතාව.. කොළඹ තියාගෙන හදන්නත් ඉල්ලනවා..

එක කාලයක් ඒ කියන්නේ අයෝමි විවාහ වෙච්ච කා‍ලේ නම් අම්මා අයෝමි එක්ක හිටියේ එතරම් හිත හොඳකින් නමෛයි. අයෝමි ඒ කා‍ලේ ඒක ගැන ලොකු වේදනාවකින් කතා කළ විදිහ අපිට අද වගේ මතකයි.
ඔව්..එහෙම එකක් තිබුණා.. ඒත් දැන් අපේ අම්ම අපි එක්ක හුඟාක් යාළුයි.. ඒ වගේම අපිට ආදරෙයි.. පුතාගේ පින්තූර පත්තරවල දැකල, එයාව බලන්න අපේ අම්මා ලොකු ආසාවකින්  ඉඳල තියෙනවා..

පහුගිය කා‍ලේ ඔබ ටෙලි නාට්‍යවල රඟපෑවේ නැහැ.. එත් මෑතකදී ආපහු සැරයක් රංගනයට යොමු වුණා..?
නිතර කොළඹ වගේම ෂූටිං තියෙන දුර පළාත්වලට යන්න බැරි නිසා බොහෝ නාට්‍ය මට මග හැරුණා.. හැබැයි මහනුවර හා මේ අවට වට පිටාවේ යම් නාට්‍යයක් කෙරුණොත් මම ඒවාට කතා කළාම ගියා.. කොහොම හරි පහුගිය දවස්වල මම සිවගුරුනාදන් අයියගේ වගේම ප්‍රසාද් සමරතුංගගේ ටෙලි නාට්‍යයක වැඩ කළා. ඉදිරියේදී නම් රඟපාන්න බැරි වෙනවා. ඊළඟ එක්කෙනා ගෙදරට එනකම් විවේකීව ඉන්න වෙනවා.

අයෝමි කියන්නේ තමන්ගේ ජීවිතේ සතුටට හේතුව ඉතා හොඳ සහකරුවෙක් ජීවිතයට ළඟා වූ නිසා කියලයි. ඒ නිසාම මැරෙනතුරු ඔහු සමගම සිටින බවත් ඇය කියනවා.
අද කා‍ලේ හුඟාක් තරුණ නළු නිළියන් පුංචි කාලයකින් තමන්ගේ විවාහ ජීවිතේ අසාර්ථක කර ගන්නවා. මේ නිසාම බොහෝ දෙනා නිළියන් හැටියට අපි දිහා බලන්නේ වපර ඇහැකින් කියලා අපි දන්නවා..මම හිතන්නේ අද කා‍ලේ බොහෝ දෙනා තීන්දු තීරණ ගන්නේ ක්ෂණිකව. දුරදිග බලනවා අඩුයි. හදිසි වෙනවත් වැඩියි. කේන්තියත් එහෙමයි.. මේ නිසා තමයි ආරවුල් පවා වැඩි.

කොහොම වුණත් මෙහිදී තව දෙයක් මතක් කළ යුතුයි. අද කා‍ලේ පවුල් ආරවුල හා දික්කසාද වීම් වෙනත් ක්ෂේත්‍රවලත් බහුලව සිදුවෙනවා. නමුත් ඒවා එච්චර ප්‍රසිද්ධ වෙන්නෙවත් වැඩිපුර අය කතා කරන්නේවත් නැත්තේ ඒ අය ප්‍රසිද්ධ චරිත නොවන නිසයි..අපි නළු නිළියෝ හැටියට  හුඟාක් ප්‍රවේශම් විය යුතුයි.  මොකද අපි ගන්න තීන්දු තීරණ ඉක්මනින්ම ජනතාව අතරට යන නිසා..

චින්තක එක්ක ඔබ ගෙවන ජීවිතේ ගැන කිව්වොත්
අපි මිනිස්සු.  පුංචි පුංචි වැරදි අපි අතින් සිදුවෙන්න පුළුවන්. හැබැයි ඒවා සාකච්ඡා කරල ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න ඕනෑ.. චින්තකයි, මමයි, දරුවයි හොඳින් ජීවත් වෙනවා.  අපේ පවුල් දෙකේ හැමෝම අපි එක්ක හොඳයි. ඉතිං අපි ජීවිතේ තියෙන තුරු හොඳින් ඉන්න තමයි හිතාගෙන ඉන්නේ.

(ලක්බිම පුවත්පත ඇසුරෙනි)
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu