යාල වනෝද්‍යානයේ කලාප දෙකක් වසා දැමේ

වියළි කාලගුණය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ කලාප දෙකක් අද (14) සිට ඔක්තෝබර් 15 දක්වා මාසයක කාලයක් සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දැමීමට සිදුව ඇති බව වාර්තා වනවා. ඒ යාල ජාතික උද්‍යානයේ 1 හා 2 කලාපයි.

ගහකොළ සහ තණබිම් වියළී යාමෙන් සතුන් ආහාර හා ජල හිඟයකට මුහුණ දීම, දැඩි උණුසුම සහ වියළි කාලගුණය නිසා වනෝද්‍යානයේ ජල මූලාශ්‍ර සිඳී යාම, සතුන් ආහාර හා ජලය සොයා යාමේදී සංචාරකයින්ගෙන් සිදුවන බාධා අවම කිරීම යනාදි කරුණු මෙයට හේතුවී ඇති බවයි සැලකෙන්නේ.

සතුන්ට මතුව ඇති ජල හිඟය අවම කිරීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුව විසින් මේ වන විට පියවරයන් ගෙන තිබෙනවා. ඒ අනුව මැණික් ගඟ ආශ්‍රිතව සූර්ය පැනල මෝටර් මඟින් භූගත නළ හරහා වනෝද්‍යානයේ පොකුණු වෙත ජලය සැපයීම, දෛනිකව ලීටර් 200,000ක පමණ ජල ප්‍රමාණයක් බවුසර් මඟින් ගෙන ගොස් කෘත්‍රිම හා ස්වභාවික පොකුණු පිරවීම  සිදුකරනු ලබනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu