වසර හතකට පසු පැවැත්වෙන පළාත් පාලන ඡන්දය

2
025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අද (06) උදෑසන 7ට ආරම්භ වුණා. 

මෙලෙස පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන්නේ වසර 7කට පසුවයි. අවසන් වරට මෙම ඡන්ද විමසීම පැවැත්වූයේ 2018 වසරේ දීයි. 

මෙවර ඡන්දය සඳහා ඡන්ද දායකයින් එක්කෝටි හැත්තෑ ලක්ෂ පනස් හය දහස් තුන්සිය තිස් අටක් සුදුසුකම් ලබා තිබෙනවා. එමෙන්ම දේශපාලන පක්ෂ 49ක් සහ ස්වාධීන කණ්ඩායම් 257ක් මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති අතර අපේක්ෂකයින් සංඛ්‍යාව 75,589ක්. 

පළාත් පාලන ආයතන 341ක් පවතින නමුත් මෙවර ඡන්ද විමසීම පැවැත්වෙන්නේ ආයතන 339ක පමණි. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය පසුගිය වසරේ පැවැත්වූ අතර අධිකරණ කටයුත්තක් හේතුවෙන් කල්මුණේ මහ නගර සභාවේ ඡන්ද විමසීම ද පැවැත්වෙන්නේ නැහැ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu