රුසියාවේ මොස්කව් අගනුවර ඉලක්ක කර ගනිමින් යුක්‍රේනය අඛණ්ඩව දෙවන රාත්‍රියේ දීත් ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කර තිබෙනවා.
මේ හේතුවෙන් අගනුවර ප්‍රධාන ගුවන් තොටුපොළවල් හතරම මේ වන විට තාවකාලික වසා දමා ඇති බවයි රුසියාවේ ගුවන් සේවා නිරීක්ෂණ ආයතනයක් වන රොසාවියැට්සියා ටෙලිග්‍රෑම් පවසා ඇත්තේ.
අවම වශයෙන් යුක්‍රේන ඩ්‍රෝන යානා 19ක් නොයෙක් දිශාවලින් නගරයට ඇතුළ් වීමට පෙර විනාශ කර ඇති බව මොස්කව් නගරාධිපතිවරයා පවසා තිබෙනවා. කිසිදු ජීවිත හානියක් සිදු නොවී ඇති බවත් ඔහු පවසා තිබෙනවා.
යුක්රේනයේ ප්‍රහාරයකින් රයිල්ස්ක් නගරයේ විදුලි උපපොළකට හානි වීමෙන් පසු සඳුදා විදුලිය අහිමි වූ බව රුසියානු නිලධාරීන් වාර්තා කර තිබෙනවා.