කොළඹ වරායේ දකුණු ජැටියේ සිට කොළොන්නාව ගබඩාවට ඉන්ධන රැගෙන යන භූගත ඉන්ධන නලයේ නැවතත් ඉන්ධන කාන්දුවක් සිදුව තිබෙන බව වාර්තා වනවා. ඒ එම නලයේ ඉන්ධන කාන්දු වී මාස තුනක් ගත වීමටත් පෙරයි.
පසුගිය මාර්තු 15 වන දින කොළඹ වරායේ දකුණු ජැටියේ සිට කොළොන්නාව ගබඩාවට ඉන්ධන රැගෙන යන භූගත නළ දෙකෙන් එක් නලයක කාන්දුවක් හටගෙන තිබුණා.