gossiplanka alexa අගමැතිට එරෙහිව විශ්වාසභංගය අත්සන් කිරීම හෙට සිට ? අගමැති තනතුරට නාම යෝජනා තුනක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අගමැතිට එරෙහිව විශ්වාසභංගය අත්සන් කිරීම හෙට සිට ? අගමැති තනතුරට නාම යෝජනා තුනක්

අග්‍රාමාත්‍යවරයා අගමැති ධූරයෙන් ඉවත් වීමට කටයුතු නොකරන්නේ නම් හෙට දිනයේ සිට විශ්වාසභංග යෝජනාවක් අත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට පැමිණි මන්ත්‍රීවරුන් ද මෙයට සහාය පලකිරීමට සූදානම් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

අවශ්‍යකරන අත්සන් ප්‍රමාණය සම්පූර්ණ කර ගැනීමෙන් පසු කතානායකවරයාට ඊළඟ පාර්ලිමේන්තු දිනයක දී එය භාර දීමට නියමිතව තිබෙනවා. 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය විපක්ෂය විසින් පෙන්වනු ලබන ඕනෑම අවස්ථාවක තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවයි.

මේ අතර යම් හෙයකින් අන්තර්වාර ආණ්ඩුවක් පිහිටවුවහොත් ඒ සඳහා අගමැති ධූරය වෙනුවෙන් නම් තුනක් ද යෝජනා වී තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන, දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම එම නාම යෝජනා තුනයි. එසේම වාසුදේව නානායක්කාර, රමේෂ පතිරණ යන මන්ත්‍රීවරුන්ගේ නම් ද මේ සඳහ ඇතැම් මන්ත්‍රීන් විසින් යෝජනා කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu