gossiplanka alexa ඩොලර් හොයන්න රජයේ දේපළ බදු දීමට සැලසුමක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඩොලර් හොයන්න රජයේ දේපළ බදු දීමට සැලසුමක් ?

මෙරට පවතින ඩොලර් හිඟය යන් තාක් දුරට හෝ අඩු කර ගැනීමට වටිනා රජයේ දේපළ කිහිපයක් බදු දීමට රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග පවසනවා. එමඟින් ඩොලර් බිලියන 8ක මුදලක් වහාම උපයා ගැනීමට අදහස් කරන බවයි පැවසෙන්නේ. 

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, මත්තල ගුවන්තොටුපළ සහ රත්මලාන ගුවන්තොටුපළද මෙසේ බදු දීමට අදහස් කර ඇති දේපළවලට ඇතුළත් බව සඳහන් වනවා. ඩොලර් බිලියන 2 කට කටුනායක ගුවන් තො‍ටුපලත්, ඩොලර් මිලියන 300 කට මත්තල ගුවන්තොටුපළත්, ඩොලර් මිලියන 400 කට රත්මලාන ගුවන්තොටුපළත් බදු දීමට යෝජනා වී ඇති බවයි පැවසෙන්නේ. 

මීට අමතරව ඩොලර් මිලියන 600 ක ආයෝජන පදනමක් යටතේ කොළඹ වරායේ දකුණු කොටස ලබා දීමටත්, කොළඹ වරාය නගරයේ රජයට හිමි කොටස ඩොලර් බිලියන 4 කටත් බදු දීමටත් අදහස් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

එසේම ඩොලර් මිලියන 300 කට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රජයට අයත් කොටස් ද ඩොලර් මිලියන 500 කට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජයට හිමි කොටස් ද ලබා දීමට යෝජිත වන බව පැවසෙනවා.

ආශ්‍රිත දිවයින

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu