gossiplanka alexa ශ්‍රී ලංකාවේ තවත් භයානක රෝගයක් ගැන අනාවරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවේ තවත් භයානක රෝගයක් ගැන අනාවරණයක්

තැලිසීමියා රෝගයටත් වඩා භයානක රෝගයක් රට පුරා පැතිරෙමින් ඇති බව ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඩුලිප් පෙරේරා මහතා පවසනවා. "නියුරෝෆයිබ්‍රොමැටොසිස්" නමින් හඳුන්වන මෙම රෝගය ද දෙවම්පියන්ගෙන් දරුවන්ට ඇතිවන රෝගයක් බවයි පැවසෙන්නේ. මව සහ පියාට හෝ දෙදෙනාගෙන් එක් අයෙකුට මෙම රෝගය ඇත්නම් දරුවන් සියළුම දෙනා අනිවාර්යයෙන් රෝගීන් බවට පත් විය හැකි බව වෛද්‍යවරයා පවසනවා. 

"නියුරෝෆයිබ්‍රොමැටොසිස්" ස්නායු සම්බන්ධයෙන් වන රෝගයක් වන අතර එහි දී ස්නායු ගැට ගැසෙමින් විශාල වෙමින් පවතින බවත් කපා ඉවත් කිරීමට හැකියාව ඇති ගැටිති මෙන්ම එසේ ඉවත් කළ නොහැකි ගැටිතිත් පැවතිය හැකි බවත් වෛද්‍යවරයා පෙන්වා දෙනවා. එසේම මෙම හැටිති ශරීරය පුරා භාහිරව මෙන්ම අභ්‍යන්තරව ද විශාල ප්‍රමාණයෙන් ඇති විය හැකි බව වෛද්‍යවරයා අවධාරණය කර සිටිනවා. මෙම ගැටිති ශරීර මතුපිට මෙන්ම ශරීරය තුළ ඕනෑම ග්‍රන්ථියක ඇති විය හැකි බව ද ඔහු පවසනවා. 

ප්‍රමුඛජාන මඟින් පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන මෙම රෝගයේ ලක්ෂණ දරුවන් බාල කාලයේ නොපෙනී තිබුණත් වයසින් වැඩෙත්ම රෝග ලක්ෂණ මතුවන බවයි පැවසෙන්නේ. විශේෂයෙන් මෙම රෝගී තත්ත්වය ඇති තරුණ තරුණියන් විවාහ වුවහොත් දරුවන් බිහි නොකල යුදු යැයි ද එයින් සිදුවන්නේ මෙම රෝගීන් සංඛ්‍යාව වැඩිවීම යැයි ද වෛද්‍යවරයා අවධාරණය කර සිටිනවා. 

රට පුරා විසිර සිටින මෙම රෝගීන් පිළිබඳව නිසි සංගණනයක් හෝ රෝගය පැතිර යෑම අවම කිරීම වෙනුවෙන් ක්සියම් වැඩපිළිවෙලක් සැකසීම සඳහා සෞඛ්‍ය අංශ පියවර ගෙන නැතැයි වෛද්‍යවරයා චෝදනා කරනවා. අවම වශයෙන් ශ්‍රී ලංකාවේ එම රෝගය වැළඳුණු පුද්ගලයන්ගේ සංඛ්‍යාව කොපමණ දැයි සෞඛ්‍ය අංශ සොයා බැලිය යුතු බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu