gossiplanka alexa ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල පහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල පහළට

ඊයේ (14) ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 4කින් පහත වැටී තිබෙනවා. රුසියාව යුක්‍රේනය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට කැමැත්තෙන් පසුවන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කිරීමත් සමඟම මෙසේ බොරතෙල් මිල පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

ඒ අනුව බ්‍රෙන්ට් (භෙර්න්ට්) බොරතෙල් බැරලයක මිල ඊයේ දිනය වන විට ඩොලර් 108.55ක් ලෙසින් වාර්තා වුණා. මීට පෙර එහි මිල සඳහන් වූයේ ඩොලර් 112ක් ලෙසයි. එය 3.6%ක පහත වැටීමක්. එක්සත් ජනපද බටහිර ටෙක්සාස් අතරමැදි’ (WTI) බොරතෙල් බැරලයක මිල 3.7%කින් පහත වැටී තිබූ අතර එහි මිල ලෙස සටහන් වූයේ ඩොලර් 105.40ක් ලෙසින්. 

යුක්‍රේනයට එරෙහිව රුසියාව දියත් කරන සටන් නිසා ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 140 සීමාව දක්වා ඉහළ ගොස් තිබුණා. එය උපරිම ලෙස 40%ක වැඩි වීමක් ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu