gossiplanka alexa රාගම විද්‍යා පීඨයේ සිද්ධියට අරුන්දිකගේ පුතා පොලීසියට භාරවෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාගම විද්‍යා පීඨයේ සිද්ධියට අරුන්දිකගේ පුතා පොලීසියට භාරවෙයි

රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුතා පොලිසීයට භාර වී තිබෙනවා. පහර දීමට තමන් ද පැමිණි බව ඔහු පොලීසියට පවසා ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

ඔහු ඊයේ රාත්‍රියේ දී රාගම පොලීසියට පැමිණ භාර වී ඇත්තේ සුඛෝපභෝගී මෝටර් රථයක් ද සමඟයි. මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර ඉන් 05 දෙනෙකු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කලා. ඔවුන් අද දිනයේ හඳුනාගැනීමේ පෙරට්‍ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ ඇමති ධූරය සම්බන්ධයෙන් ද ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇති අතර අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන් මෙම සිද්ධියට සම්බන්ධ බව ඔප්පු වුවහොත් ඔහු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu