gossiplanka alexa කැළණිතිස්ස බලාගාරය සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කැළණිතිස්ස බලාගාරය සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙයි

කැළණිතිස්ස බලාගාරය සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති බව විදුලි ඉංජිනේරුවරුන් පවසනවා. ඒ ඉන්ධන නොමැතිවීම හේතුවෙන්. 

එසේ කැළණිතිස්ස බලාගාරය අක්‍රිය වීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 280ක ප්‍රමාණයක් අහිමි වී යනවා. බලාගාරය යළි පණ ගැන්වීමට අවශ්‍ය ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඇති නමුත් මෙතෙක් එයට යහපත් ප්‍රතිචාර ලැබී නැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසා ඇත්තේ අවශ්‍ය ඉන්ධන ලබා දීමට බලශක්ති අමාත්‍යවරයා එකඟතාව පළ කර ඇති බවයි. 

කෙසේ වෙතත් කැළණිතිස්ස බලාගාරය අක්‍රිය වීම නිසා විදුලි සැපයුමට බාධාවක් ඇති නොවන බව විදුලි ඉංජිනේරුවරුන් විශ්වාසය පළ කරනවා. ඒ නොරොච්චොලේ බලාගාරය ඊයේ සිට යළි ආරම්භ කිරීම හේතුවෙන්. එම බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 300ක ප්‍රමාණයක් එක් කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu