gossiplanka alexa ශ්‍රී ලංකාවේ ගුරු හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවේ ගුරු හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ තිස් දහසක ගුරු හිඟයක් පවතින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් චෝදනා කරනවා. උසස්පෙළ විද්‍යා ගණිත සහ තාක්ෂණික විෂයන් සඳහාත් 6-11 ශ්‍රේණිවල විද්‍යාව ගණිතය, ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ විෂය සඳහාත් ප්‍රාථමික ශ්‍රේණි සඳහාත් මෙම ගුරු හිඟය පවතින බවයි ඔහු පවසන්නේ. 

ගුරුවරුන්ලෙස සේවය කිරීම ස්ඳහා ගුරු විද්‍යා පීටවලින් හා විශ්ව විද්‍යාලවලින් පිටවන උපාධිධාරීන් බඳවා ගැණුන ද ඔවුන් ස්ථානගත කිරීමේ ප්‍රතිපත්තියක් නොමැතිවීම හේතුවෙන් ගුරු හිඟය ඇති තිබෙන බවයි ඔහු අවධාරණය කරන්නේ. 

සමස්තයක් ලෙස ගත් කල සිසුන් 20 දෙනෙකුට එක ගුරුවරයෙකු ලෙස ගුරු සිසු අනුපාතයක් පවතින බවත් බස්නාහිර පළාත් ගත් කල සිසුන් 18 දෙනෙකුට එක් ගුරුවරයෙක් ලෙස ඉතා ඉහළ මට්ටමේ ගුරු සිසු අනුපාතයක් පවතින බවත් ලේකම්වරයා පවසනවා. වසර දෙකක් තිස්සේ නිසි අයුරින් ගුරු මාරු ක්‍රියාත්මක නොවුණු නිසා සහ ගුරු තුලනයක් නොමැතිවීම නිසා අනාගතයේ දී අධ්‍යාපන ක්ෂේත්‍රයේ බරපතළ ගුරු හිඟයක් මතුවනු ඇති බව ලේකම්වරයා අනතුරු අඟවනවා. 

වසරක් පාසා ගුරුවරු සංඛ්‍යාවක් විශ්‍රාම යන නිසා ඔවුන්ට ආදේශකයක් අවශ්‍ය බව ද, ගුරු හිඟය පියවා ගැනීමට නම් කළ යුත්තේ විෂයානුබද්ධ බඳවා ගැනීම් කිරීම බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu