gossiplanka alexa රජ රහස් - එන සතියේ කැබිනට් මණ්ඩල සංශෝධනයක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රජ රහස් - එන සතියේ කැබිනට් මණ්ඩල සංශෝධනයක් ?

දේශපාලන පොර පොර පිටියේ තිරෙන් පිටුපස බොහෝ දේ සිදුවෙනවා .එමෙන්ම ශ්‍රී ලාංකීය දේශපාලනය සමාජ ප්‍රශ්න තරමටම උණුසුම් ඒ උණුසුමේ තතු ගොසිප් ලංකා තුළින් "රජ රහස්" නමින්  නව තීරු ලිපියක් ලෙස සෑම සිකුරාදා දිනකම ඔබ වෙත ගෙන ඒමට අප සූදානම් .එහි පළමු ලිපියයි මේ . 

ජනපති සැර වෙයි . 2022 වර්ෂය ආරම්භවීමත් සමගම කතරගම දේවාලයට ගිය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිරිවෙහෙර වැඳ පුදාගෙන කතරගම දෙවිඳුන්ගේ ආශිර්වාද හිමිකරගත්තා .මේ වසරේ මුල්ම කැබිනට් රැස්වීම තිබුණේ පහුගිය සඳුදා .එහි දී ආණ්ඩුව විවේචනය කරමින් ආණ්ඩුව තුළ රැඳී සිටින මන්ත්‍රීවරු සම්බන්ධයෙන් හැම තුරු ජනාධිපතිතුමා වෙත කරුණු දැක්වුවා .එහිදී ජනාධිපතිවරයා ඇමති මණ්ඩලයට දැඩි ලෙස අවවාද කළේ ආණ්ඩුව විවේචනය කිරීමෙන් වැලකී සිටින ලෙසයි .ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට ලක්ව ඇති බැවින් එය සමථයකට පත් කර ගැනීම කැබිනට් මණ්ඩලයේ වගකීමක් බවද ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දුන්නා .පස්වන සහ හය වන දිනයන්හිදී මහනුවර රැඳී සිටි ජනාධිපතිවරයා දළදා වහන්සේ වැඳ පුදා ගත් අතර මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාදය හිමිකරගත්තා . කිසිවිටෙකත් කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින්  තිහේ සීමාව පසු නොකරන බව ජනාධිපතිවරයා කියා සිටියේ මොණරාගල සියඹලාණ්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් කිරීමේ උත්සවයට එක්වෙමිනි .මේ වන විට ආණ්ඩුවට එක්ව සිටින සියලුම මන්ත්‍රීවරුන්ට අමාත්‍යධූරයක් අවශ්‍යව ඇතත්  අමාත්‍ය ධුර ලබාදීමට තමා කටයුතු නොකරන බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ .   

බැසිල්ගෙන් ජනතාවට සහන මල්ලක් . ගෑස්  පෝලිං තෙල් මිල ඉහළ යෑම මෙන්ම බඩු මිල අහස උසට වැඩිවෙමින් පවතින අවධියක පසුගිය සදුදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනතාවට සහන මල්ලක් ලබා දීමට කටයුතු කළා .රාජ්‍ය සේවකයින්ට විශ්‍රාමිකයින්ට  ආබාධිත සෙබළුන්ට පඩියට රුපියල් 5,000ක දීමනාවක් මෙහිදී ලබා දුන්නා .සමෘද්ධිලාභීන්ට රුපියල් 1000ක දීමනාවක් වගේම වතුකම්කරුවන්ට මාසෙට පිටි කිලෝ 15  ද වී කිලෝවකට රුපියල් 25 ක අමතර මුදලක් ද මේ සහන මල්ලට ඇතුලත් .ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල වගේම ඖෂධවල බදු මෙහිදී අහෝසි කෙරුණා .කොහොම වුණත් පෞද්ගලික සේවකයින්ගේ වැටුප් වැඩි නොවීම හේතුවෙන් ඔවුන් දැඩි කණස්සල්ලෙන් පසුවන්නේ .වසර තුනක් තිස්සේ ඔවුන්ගේ පඩි වැඩි වී නැති අතර හාම්පුතුන් තමන්ගේ රීරි මාංශ උරා බොන බව ඔවුන් පවසනවා .තමන් ඡන්දය ලබා  දුන් ආණ්ඩුව තමන් අතහැර දමා ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ . 

සුසිල් ආණ්ඩුවෙන් දොට්ට . සුසිල් ප්‍රේමජයන්ත මහතා දැරූ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඔහු නෙරපීමට  පසුගියද අඟහරුවාදා  ජනාධිපතිවරයා පියවර ගත්තා . ඒ දෙල්කඳ පොළට බඩු ගන්න ගිය සුසිල් මහතා බඩු මිල අහස උසට ගොස් ඇති බවට ප්‍රකාශ කරමින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරන නිසයි .හැබැයි රජ රහස් වෙත තොරතුරු ලැබෙන්නේ සැබෑ හේතුව එය නො වන බවටයි .පසුගියදා ආණ්ඩුව විවේචනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රිතුමා ඇතුළු පිරිසක් එක්ව සුසිල් ප්‍රේම ජයන්ත මහත්මයා සාකච්ඡා කිරීම ඔහු නැරඹීමට සැබෑ හේතුව බවයි තොරතුරු වාර්තා වන්නේ . කොහොම වුණත්  මෙම ඉවත්වීම අගමැතිවරයා දැනගෙන තිබෙන්නේ සිය බිරිඳ තමන්ට දැනුම් දීමෙන් බව අගමැතිවරයා සුසිල් ප්‍රේමජයන්ත මහත්මයාට ප්‍රකාශ කර තිබෙනවා .හැබැයි තමන් මේ තීරණය ගැන කණගාටු වන බවත් අගමැතිවරයා කියලා තියෙනවා .කොහොම වුණත් පහුගිය දවස් වල දිගින් දිගටම ආණ්ඩුව විවේචනය කළ විමල් වීරවංස ගම්මන්පිල වාසුදේව ඇතුළු අමාත්‍යවරු දැන් හොඳටම බය වෙලා කියලා තමයි රජ රහස් වෙත වාර්තා වෙන්නේ .තමන්ගේ අමාත්‍යධූර නැති වුනොත් මොකද කරන්නේ කියලා ඔවුන් කල්පනා කරනවලු .ඔන්න සුසිල් ප්‍රේම් ජයන්ත් මහත්මයා නං නීතිඥයෙක් නිසා උසාවි යන්න පටන් ගත්තා .            

මෛත්‍රීගෙන් ආණ්ඩුවට දැඩි විවේචනයක්  හිටපු ජනාධිපති වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය 4 වැනිදා මාතලේ පැවති දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් ආණ්ඩුව දැඩි ලෙස විවේචනයට ලක් කළා .එහිදී ඔහු කියා සිටියේ සුසිල් ප්‍රේම් ජයන්ත් ඉවත් කිරීමෙන් පමණක්ම ආණ්ඩුවට එල්ලා ඇති අපකීර්තිය පහව නොයන බවයි .කොහොමත් ඔහුගේ මෙම ප්‍රකාශයෙන් පස්සේ ආණ්ඩුවේ ප්‍රබලයින් රැසක් එකට රැස් වෙලා තියෙනවා .එහිදී තීරණය කරලා තියෙන්නේ පාස්කු කොමිසමේ වේ තීරණ ක්‍රියාත්මක කරන්න .අපි බලමු මෛත්‍රිපාල සිරිසේන මහත්මයා මේ විදිහටම ආණ්ඩුව ඉස්සරහට විවේචනය කරයි ද කියලා .  

බැරිනම් දීලා යන්න විපක්ෂ නායක සජිත් .  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ දවස්වල ත්‍රිකුණාමලය ඇතුළු නැගෙනහිර ප්‍රදේශයේ සංචාරයක නිරත වනවා  .එහිදී ජනතාව අමතමින් ඔහු කියා සිටින්නේ වැඩ බැරි නමුත් ආණ්ඩුව කරන්න පුළුවන් කණ්ඩායමකට දීලා යන්න ඕන කියලයි .අධික ලෙස මුදල් අච්චු ගැසීම නිසා බඩු මිල වැඩි වෙන බව ඕනෑම පුද්ගලයකුට තේරුණත් මේ ආණ්ඩුවේ වියතුන්ට  තේරෙන්නෑ කියලා තමයි විපක්ෂනායකවරයා කියන්නේ.ඒ වගේම පසුගියදා රන්ජන් රාමනායක බලන්ඩ වැලිකඩ බන්ධනාගාරයට ගිය විපක්ෂනායකවරයා රන්ජන් නිදහස් කර ගැනීමේ සටන තමන් අත් නොවන බවට සපථ වුණා.                            

අනුර කුමාර මල්වතු මල්වතු අස්ගිරි හිමියන් බැහැදකී  ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පහුගිය දවසක මල්වතු අස්ගිරි මහ මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා. ඒ වගේම රටේ පවතින තත්වය සම්බන්ධයෙන් උන් වහන්සේලා දැනුවත් කරා කියලා තමයි අනුර කුමාර ප්‍රකාශ කළේ. කොහොම වුණත් මේක දැඩි සමාජ කතා බහකට ලක්ව තිබුණා .ආගම් අදහන්නේ නැති අනුර කුමාර මොකටද මල්වතු අස්ගිරි  මහ නාහිමියන් බැහැදකින්න ගියේ කියලයි සමාජ මාධ්‍ය අනුර කුමාරගෙන් ප්‍රශ්න කළේ .ඒකට නම් තාම උත්තරයක් ලැබිලා නෑ .කොහොම වුණත් එදා හවස මහනුවර පැවති රැස්වීමට එක්වෙමින් අනුර කුමාර කියා සිටියේ ආණ්ඩුව ගෙදර ඒ වීමට තමන් සූදානම් බවයි. වේලාසනින් ආණ්ඩුව ගෙදර යවන්න අපි සූදානම් ඒකට ඔයාලා පාරට එන්ඩ කියලා අනුර කුමාර එහිදී සඳහන් කළා .                          

එන සතියේ කැබිනට් මණ්ඩල සංශෝධනයක්. ආණ්ඩුවට එල්ල වී  ඇති දැඩි අප්‍රසාදය යටපත් කර ගැනීම සඳහා කැබිනට් සංශෝධනයකට ආණ්ඩුව සූදානම් වන බවට රජ රහස් වෙත තොරතුරු වාර්තා වෙනවා.කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යධූරය ගලවනවා කියලත් ආරංචියි  .කොහොම වුණත් විපක්ෂය නම් කියන්නේ කැරම් බෝඩ් එකේ ඉත්තො එහෙට මෙහෙට කරාට ආණ්ඩුවට ඇති අප්‍රසාදය යටපත් නොවන බවයි . 

එහෙනම් රජ රහස් තුළින් අපි ලබන සතියේ සිකුරාදා හමුවෙමු .පත්තරවලටත් කලින් කාටත් කලින් මැතිසබේ වගේම රජ ගෙදරත් ආණ්ඩුවෙත් විපක්ෂයෙත් රටෙත් සිදු වන දේශපාලන ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එන්න අප සුදානම් 

මාධ්‍යවේදී අරුණ රත්නායක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu