එක් මනාලයෙකු සහ තවත් පස් දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බව අනාවරණය වීමත් සමඟම මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් දේවස්ථාන භූමියේ මංගල උත්සවයට සහභාගී වූවන් 28 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට ලක් කර තිබෙනවා. ඉන් 26 දෙනෙකුම කොවිඩ් ආසාදිතයින් බවට ඉන් අනතුරුව හඳුනාගෙන ඇති බවයි සඳහන් වන්නේ.
මේ වන විට කමරාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් රැසක් නිවෙස් තුළ නිරෝධායන සඳහා යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.