gossiplanka alexa ලංකාවේ "බයිලා රජු" දිවියෙන් සමුගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලංකාවේ "බයිලා රජු" දිවියෙන් සමුගනී

ශ්‍රී ලාංකේය ප්‍රවීන ගායන ශිල්පියෙකු සහ රංගන ශිල්පියෙකු වන ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා  ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 77 වන වියේ පසු වූවා. 

1944 ජනවාරි 09 වන දින මාතර දී උපත ලද ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා "බයිලා රජු" ලෙස නම් දරා සිටියා. 1963 දී කොළඹ දී සිය සංගීත ජීවිතය ආරම්භ කල ඔහු ෆයර්-ෆ්ලයිස් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා ලෙස කටයුතු කලා. ඔහුගේ ගීතයන් එකල ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හරහා ඉතා පුළුල් ලෙස ප්‍රචාරය වුණා. ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ පොප් කණ්ඩායම් සමඟ ද කටයුතු කර තිබෙනවා. ඔහු ගායනා කල "ඔබ නිසා" නම් ගීතය ජාත්‍යන්තර උළෙලක දී සංගීතයේ විශිෂ්ට කෘතියක් ලෙසින් ද ප්‍රශංසාවට ලක් වුණා. 

1976 වසරේ දී ඔහු "ඩෙස්මන්ඩ් සහ ක්ලැන්" නමින් තමන්ගේම සංගීත කණ්ඩායමක් පිහිටවූ අතර එය මාලදිවයින ඇතුළු අග්නිදිග ආසියාවේ විවිධ රටවල ප්‍රසංග රඟ දක්වනු ලැබුවා. 

ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා ඩෙනා ද සිල්වා සමඟ විවාහ දිවියට පිවිසී අතර ඩෙස්මන්ඩ් පුතුන් දෙදෙනෙකුගේ පියෙක්. 

ඔහු 1979 වර්ෂයේ දී ග්‍රීසියේ ඇතන්ස් නුවර පැවති 5 වැනි ගීත ඔලිම්පියාඩ් තරගයට සහ ජපානයේ ටෝකියෝ නුවර පැවති Yamaha festival of song සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලැබුවා. 

"පොල්ක‍ටු හැන්දෙ මිට වගේ" "යමන් බණ්ඩො" "චූඩා මාණික්‍ය" "මම්මා නො" "හායි හුයි බබි ආච්චි" "රජ සඟබෝ" "සුමිහිරි පානේ" වැනි මෙරට ජනප්‍රිය ගීත ‍රැසක් ගායනා කල ඩෙස්මන්ඩ් ද සිල්වාගේ තැටි මිලියන ගණනක් ලොව පුරා අලෙවි වී තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu